2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

නවීන තාක්‍ෂණය සමඟින් දම්රෝ වේගවත් ඉදිරි ගමනක

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

1986 වසරේ ආරම්භ කරන ලද දම්රෝ සමුහ ව්‍යාපාරය  අද වන විට වසර 31 පුරාවට ඉතා සාර්ථකව සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබන සමාගමකි. වර්තමානයේ දම්රෝ කර්මාන්තශාලා සංකීර්ණ 8ක් ගම්පහ, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල ස්ථානගත කිරීමට සමත්ව තිබේ. එම කර්මාන්තශාලාවන් කේන්ද්‍ර කරගනිමින් සේවකයන් 9500ක් පමණ සමාගම යටතේ රැකියා අවස්ථාවන් ලබා ගෙන සිටිති. මීට අමතරව නවතම කර්මාන්තශාලා සංකිර්ණ දෙකක් මේ වනවිට ඉදි කරමින් පවතී. මේ කර්මාන්තශාලා සංකීර්ණ දෙක මඟින් තවත් රැකියා අවස්ථා 2,000 ක් පමණ මේ වසරේදී ඇති කිරීමට දම්රෝ සමාගම  බලාපොරොත්තු වේ.

දම්රෝ ප‍්‍රදර්ශනාගාර 156ක් දිවයින පුරා විහිදී ඇති අතර ඉන්දියාවේ ප‍්‍රදර්ශනාගාර 62ක් ක්‍රියාත්මකය. ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන නගර සියල්ලම පාහේ ආවරණය වන පරිදි දම්රෝ ප‍්‍රදර්ශනාගාර විහිදී ඇති අතර, කුරුණෑගල හා නුගේගොඩ නගරවල වර්ග අඩි 50,000ට වැඩි අපගේ නවතම මෙගා (MEGA) ප‍්‍රදර්ශනාගාර 30 කට වඩා වැඩි ප‍්‍රමාණයක් දිවයිනේ සියලු ප‍්‍රධාන නගර ආවරණය කරමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ ප‍්‍රදර්ශනාගාර වලින් ඉතා උසස් තත්ත්වයේ දම්රෝ සන්නාමය සහිත ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට අපගේ පාරිභෝගිකයන්ට ඉඩ සලසා දී ඇත.

“දම්රෝ” නාමය ඉතා විශ්වාසදායක සන්නාම නාමයක් ලෙස පාරිභෝගිකයන්ගේ සිත් තුළට කාවැදී පවතී. ඒ මේ දක්වා සිදු කරන ලද ඉතා විශ්වසනීය ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයකි. මේ වනතුරු දම්රෝ නාමය යටතේ පාරිභෝගිකයන්ට ලබා දෙනු ලැබුවේ ගෘහ භාණ්ඩ සහ රෙදිසෝදන යන්ත‍්‍ර “Washing Mashing” පමණක්. නමුත් ඉදිරියේදී ශීතකරණ, රූපවාහිනි යන්ත‍්‍ර, වායු සමීකරණ යන්ත‍්‍ර ඇතුළු සියලුම ගෘහ හා විදුලි උපකරණ දම්රෝ නාමය යටතේ පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. 

දම්රෝ භාණ්ඩවල සන්නාම තානාපතිවරිය Brand Ambassador ලෙස යශෝධා විමලධර්ම කලාශිල්පිනිය පත්කර ගැනීම සුවිශේෂි අවස්ථාවකි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00