2019 මාර්තු 23 වන සෙනසුරාදා

ලංකා බැංකුවට ‘Best HR Organization to Work for’ ජාත්‍යන්තර සම්මානයක්

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

ඉන්දියාවේ මුම්බායිහි (Tajland End) 2019 පෙබරවාරි මස පැවති 27 වැනි Annual  Global HR Excellence Awards for the Year 2019 උළෙලේදී ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන කොංග‍්‍රසය විසින් ලංකා බැංකුව Best HR Organization to Work for ලෙස සම්මානයට පාත‍්‍ර විය. මානව සම්පත් ක්ෂේත‍්‍රයේ මනා පරිචයන් වෙනුවෙන් බැංකුව සම්මානයට පාත‍්‍ර වූ දෙවැනි වතාව මෙයයි. හොඳම මානව සම්පත් පරිචයන් මිනුම් දණ්ඩක් සේ ගෙන වෘත්තීයමය අරමුණක් උදෙසා සංවිධානය වූ මානව සම්පත් උපයෝගී කර ගන්නන් දිරිගැන්වීම සඳහා මෙම උළෙල සංවිධානය කර තිබිණි. ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු (මානව සම්පත්) ධම්ම විජේවර්ධන මහතා සහ ප‍්‍රධාන කළමනාකරු සමන්ත විමලසිරි මහතා, ආචාර්ය මයිකල් රෙයිනා සහ ආචාර්ය ඩෙනිස් රෙයිනා (සම නිර්මාතෘ Reina A Trusbuilding Consultancy) වෙතින් මෙම සම්මානය ලබාගත්හ.

තම සාර්ථකත්වය පසුපස ඇති ප‍්‍රධානම සාධකය වනුයේ මානව සම්පත බව ලංකා බැංකුව විශ්වාස කරයි. ආයතනික වර්ධනය මැන බලමින් සිය දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන වටිනාකම් සිත්හි කාවද්දමින් සමාජයීය සේවායෝජකයකු වීමෙන් සහ ආයතනය තුළ අනාගත නායකයන් බිහිකිරීමේ දායකත්වය සහ නව්‍යකරණය මුසු සංස්කෘතියක් පවත්වාගෙන යන බවට බැංකුවේ මානව සම්පත් ප‍්‍රතිපත්තිය සහතික වෙයි.

2017 වසරේදී ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන කොංග‍්‍රසය විසින් සංවිධානය කරන ලද බැංකුකරණ හා මූල්‍ය සේවා කර්මාන්තයේ BFSI විශිෂ්ටතා සහ නායකත්ව සම්මාන 2017 උළෙලේදී නායකත්වය සහ දැක්ම, කාර්ය නියැලීම, කැපවීම සහ සේවා සැපයීම, අනාගතයට දිශානතවීම, සෘජුබව මෙන්ම ආචාර ධර්ම හා ස්ථාවරව පැවතීමට ඇති හැකියාව නිර්ණායක ලෙස ගෙන ලංකා බැංකුව Best Employer Brands 2017 සහ The Best Bank in the public Sector යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00