2019 මාර්තු 02 වන සෙනසුරාදා

මොබිටෙල් වෙතින් ඇස් කණ්ණාඩි 40,000ක්

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

දිවයින පුරා විහිදී සිටින සිය පාරිභෝගිකයන්ගේ ජීවිත ඉහළ තත්ත්වයකට ගෙන ඒමට නිතර කැපවෙන මොබිටෙල් සිය සමාජ සුබසාධනය වැඩසටහන් තුළින් පාරිභෝගිකයන්ට ධනාත්මක බලපෑමක් සිදුකරයි. 2016 සහ 2018 කාලය තුළ පෙනීමේ දුබලතාවන් ඇති පාරිභෝගිකයන් 40,000කට ඇස්කණ්ණාඩි ලබාදීමට ඔවුන්ට හැකිවිය. සමාජ සංවර්ධනය උදෙසා ආයතනයක් විසින් ගත් ඉතා ප‍්‍රබල පියවරක් ලෙස මෙය හැඳින්විය හැක. 

මෙය තවදුරටත් ඉදිරියට යමින් කන්තලේ දී පැවැත්වූ 2019 Cash Bonanza වැඩසටහනේදී ඇස්කණ්නාඩි ප‍්‍රදානය 41,000 දක්වා වර්ධනය කරගන්නට මොබිටෙල් ආයතනයට හැකිවිය. මොබිටෙල් මාසිකව පවත්වන සිය Cash Bonanza වැඩසටහන් මාලාව තුළ අක්ෂි සායනයක් පවත්වා පෙනීමේ දුර්වලතා ඇති පාරිභෝගිකයන් තෝරාගනී. පසුගිය වසර දෙකක කාලය තුළ මෙම සමාජ සුබසාධන වැඩසටහන ලංකාව පුරා ස්ථාන 36ක පවත්වන්නට යෙදුණු අතර එම ප‍්‍රදේශවල ජීවත්වන මොබිටෙල් පාරිභෝගිකයන්  ගණනකට තමන්ගේ දෙනෙත් නිවැරදිව පරීක්ෂා කරගැනීමේ හැකියාව ලැබිණි. එමෙන්ම එම පරීක්ෂාවෙන් පසු ඇස්කණ්ණාඩි අවශ්‍ය අයට නොමිලේ ඇස්කණ්ණාඩි ලබාදීමත් ඇස්වලට ප‍්‍රතිකාර ලබාගතයුතු අයව ඒ සඳහා යොමුකිරීමත් සිදුකෙරිණි. මේ සඳහා අක්ෂි විශේෂඥ සහාය මෙන්ම නවීන තාක්ෂණය මුසුවූ ඇස් පරීක්ෂණ උපකරණ මගින් සියලු අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණව නිවැරදි අක්ෂි සායන පවත්වන්නට මොබිටෙල් කටයුතු සංවිධානය කළේය.

ඔබ සමඟයි සැමදා යන උද්ධෘත පාඨය පෙරටු කොටගත් ආයතනයක් මෙන්ම සමාජ වගකීමක් දරන ආයතනයක් ලෙස මෙවන් සමාජ සුබසාධන වැඩසටහන් තුළින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මොබිටෙල් සැමදා කැපවෙයි. තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වූ සමාජ සංවර්ධන ව්‍යාපෘති සඳහා පූර්ණ අනුග‍්‍රහය දැක්වීමට අමතරව මිනිසුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් ඔවුන්ගේ උවමනා හා අවශ්‍යතාවයන්ට ගැලපෙන ජීවන තත්ත්වය උසස් කිරීමේ වැඩසටහන් සහ මානව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මොබිටෙල් සිය දායකත්වය නොපිරිහෙලා ලබාදෙයි.