2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මොරටුව අලෙවිසහයක යුවළට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනමෙන් නිවසක්

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ (සොෆ්ට් හාට් පදනම) අනුග‍්‍රහයෙන් ඉදිකරන ලද ප‍්‍රථම නිවස අලෙවි සහායක ඩබ්ලිව්.ඩබ්ලිව්. සෝමසිරි ප‍්‍රනාන්දු මහතා සහ එම මහත්මිය  වෙත පිරිනැමීම පසුගියදා සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමඟ අත්වැල් බැඳ සිටින අතිශය ජීවන දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන  අලෙවි නියෝජිත, අලෙවි සහයක මහත්ම මහත්මීන් ඇතුළුව ටිකට්පත් මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් පිළිසරණක් වීමේ අරමුණින්  සොෆ්ට් හාට් පදනම පිහිටුවා ඇත.

විවිධ දානපතියන්ගේ ධන පරිත්‍යාගයන් ඒකරාශී කර ගනිමින් පිහිටුවා ඇති සොෆ්ට් හාට් පදනමේ ප‍්‍රථම සමාජ සත්කාරය ලෙස මීට මසකට පෙර මොරටුව කටුබැද්ද පහළ ඉඳිබැද්ද ලිපිනයෙහි පිහිටි ඩබ්ලිව්.ඩබ්ලිව්. සෝමසිරි ප‍්‍රනාන්දු අලෙවි සහයක මහතාගේ ඉඩමෙහි නව නිවස සදහා මුල්ගල තැබීම සිදුවිය. මසක් වැනි කෙටි කාලයක් තුළ නිවස නිමවා ඔවුන් වෙත පිරිනැමීම අදට යෙදී තිබුණු සුබ මොහොතින් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා, සහකාර සාමාන්‍යාධිකාර (විකුණුම්) සුනිල් ජයරත්න මහතා ඇතුළු සොෆ්ට් හාට් පදනමේ නිලධාරීහු සහභාගී වූහ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00