2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

mCashQR හඳුන්වාදෙමින් මොබිටෙල් ශ‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුවේ නව මගක...

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් සහ ඩිජිටල් මූල්‍ය භාවිතාවන් ව්‍යාප්ත කිරීමට කැපවන මොබිටෙල් ආයතනය සිය mCash මොබයිල් ඇප් එකට අමතර අගය එකතු කිරීමක් ලෙස mCashQR මෑතකදී හඳුන්වා දුන්නේය. මෙම පහසුකම ලබාගන්නාට ක්ෂණික ප‍්‍රතිචාර කේත Quick Response (QR) භාවිතයෙන් ඉතාමත් වේගවත්ව ලේසියෙන් සහ පහසුවෙන් ඩිජිටල් මූල්‍ය ගනුදෙනුවක් සිදුකරගැනීමට හැකියාව ලැබෙයි. mCash යෙදවුම එක මඟින් පාරිභෝගිකයාට මුදල් තැන්පත් කිරීම, mCash මුදල් ලබාගැනීම, අනෙක් අයට mCash මුදල් යැවීම, බිල් ගෙවීම සහ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකියාව ලැබේ. පාරිභෝගිකයා සහ වෙළෙන්දා අතර සිදුවන සම්පූර්ණ ගනුදෙනු කිරීමේ අත්දැකීම QR ක‍්‍රියාවලිය මඟින් සරල වේ. QR පහසුකම භාවිත කරන්නාට ක්ෂණිකව QR කෝඩ් එක ස්කෑන් කරගැනීම හරහා තත්පරයක් දෙකක් තුළ අදාළ ගනුදෙනුව සිදුකරගැනීමේ හැකියාව ලැබේ. වැඩිදියුණු කළ mCash මොබයිල් යෙදවුම එක Android සහ iOS දුරකථන භාවිතා කරන්නන්ට කිසිදු ගෙවීමකින් තොරව බාගෙන කරගැනීමේ හැකියාව mCash මගින් දැන් උදාකර තිබේ. තව සති කිහිපයක් තුළ දිවයින පුරා විසිරී සිටින mCash නියෝජිතයන් හරහා mCash QR පහසුකම ඔබට ලබාගත හැක. mCash QR ක‍්‍රමවේදය නිර්මාණය කිරීම හා සංවර්ධනය කර ඇත්තේ EMVCo (Europay MasterCard Visa Contactless) තාක්ෂණික තත්ත්වය, ගෝලීය තත්ත්වය, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දුන් LankaQR පහසු ඩිජිටල් මූල්‍ය ගනුදෙනු ක‍්‍රියාවලි තත්ත්වයන්ට අනුවය. මේ නිසා අනෙකුත් ඩිජිටල් ගෙවීම් සේවා සමඟ අන්තර් සම්බන්ධතා ඇතිකරගනිමින් ගෙවීම් ඩිජිටල් මූල්‍ය ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.

මෙහිදී තවදුරටත් mCash පාරිභෝගිකයන්ට සහ නියෝජිත අලෙවිකරැවන්ට ඔවුන්ගේ පසුම්බි අංකය සහ ගනුදෙනු කරන මූලය අගය සටහන් කරමින් තමන්ටම ස්වාධීන වූ QR කෝඩ්ස් මොබයිල් යෙදවුම  එක හරහා නිර්මාණය කිරීමට හැකියාව තිබේ. ඊට අමතරව නිර්මාණය කරගත් mCashQR කෝඩ් එක ෆෝන් එකේ තැන්පත් කර ගැනීමේ හැකියාව සහ ඊමේල් හෝ සමාජ මාධ්‍ය ජාලාවන් හරහා අනෙක් අයට යැවීමේ හැකියාව ද තිබේ. mCashQR කෝඩ් එක කුඩාම එළවළු අලෙවිසලේ හෝ සියලු දේවල් පිරි සුපිරි ෂොපිංමෝල් එකේ ඩිජිටල් මූල්‍ය ගනුදෙනුවක් සිදුකිරීම අවස්ථාව උදාකරගැනීම උදෙසා මුද්‍රණය කර ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාව ඇත. ආපනශාලා හෝ වෙන  ඕනෑම අලෙවි ආයතනයකට තම මුදල් ලබාගැනීමේ පහසු සහ ආරක්ෂාකාරී ක‍්‍රමවේදය mCashQR කෝඩ් වේ. mCashQR කෝඩ් එක අයත්වන්නේ සාමාන්‍ය සිල්ලර අලෙවිකරැවෙක්ට ද ආයතනයකට ද බිල්ගෙවීමකට ද කියා වෙනසක් නැතිව ඇප් එක විසින් අදාළ සිල්ලර අලෙවිකරුවාට ආයතනයට හෝ බිල් ගෙවන ආයතනයට පමණක් විශේෂයෙන්ම නිර්මාණය වූ mCashQR කෝඩ් එක හඳුනාගෙන අදාළ ගනුදෙනුව පාරිභෝගිකයාට සිදුකරගැනීමට පහසුකම් සලසයි. 

එමනිසා රහස් අංකය ඇතුළත් කිරීමෙන් සහ ගනුදෙනු අගය (අවශ්‍ය නම්) ඇතුළත් කිරීමෙන් ඔබට අවශ්‍ය ගනුදෙනුව වේගවත්ව පහසුවෙන් සම්පූර්ණ කරගත හැක. මෙම සියලු ගනුදෙනුවලට සහභාගී වන පාර්ශවයන්ට එස්.එම්.එස්. පණිවිඩ මඟින් ගනුදෙනු තහවුරැ කිරීමේ කෙටි පණිවිඩ ලැබෙනු ඇත. 

ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් විසින් මොබයිල් පසුම්බි සංකල්පයට අනුව mCash ශ‍්‍රී ලංකා මහබැංකුවේ අනුමැතියෙන් අප සැමට හඳුන්වා දී තිබේ. දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් තුළින් සුවපහසු ක්ෂණික ආරක්ෂාකාරී මූල්‍ය ගනුදෙනු තම ජංගම දුරකථනය භාවිතා කොට සිදුකර ගැනීමේ හැකියාවන් වර්ධනය කිරීම උදෙසා 2013 නොවැම්බර් මස සුබ මොහොතින් mCash ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. පාරිභෝගිකයන් වෙත ඉක්මණින් ළඟාවීමේ මූලික හැකියාව සමඟ ඩිජිටල් මූල්‍ය ක්ෂේත‍්‍රයට ඇතුළු වීමෙන් රටටම මූල්‍ය සේවා ලබාදීමේ ගමන්මඟ වෙනස් ආකාරයේ එළඹුමක් සමඟින් මොබිටෙල් අවතීර්ණ විය. සෑම ශ‍්‍රී ලාංකිකයකුටම ඩිජිටල් මූල්‍ය සේවා හැකියාවන් ලබාදෙමින් ඔවුන්ව අනාගත සන්නිවේදන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමටත් රටපුරා පහසුවේගවත් මූල්‍ය ගනුදෙනු සංස්කෘතියක් ඇතිකිරීමටත් mCash මූලිකත්වය ගෙන කටයුතු කරයි.  

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00