2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

අබාන්ස් LG ඩුවල් කූල් වායු සමීකරණ‍ෙයන් විදුලි බිල පහතට

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

 

උණුසුම් දාහයෙන් අත්මිදීමට දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට වැඩි විදුලි බිලක් එක් කරගනිමින් අමතර බරක් දැරීමට දැන් අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ පළමු වරට LG ඩුවල් කූල් වායු සමීකරණය අබාන්ස් විසින් හඳුන්වා දී ඇති නිසා ඉහළ විදුලි ඉතිරි කිරීමක් සමඟින් සුවදායී සිසිලසක් කාර්යක්ෂමව ලබාගත හැකියි.

විදුලිය ඉතිරි කරන ඩුවල් ඉන්වර්ටර් ක්‍රියාකාරීත්වය නිසා විදුලි බිල බෙහෙවින් පහළ යන අතර කාමරයේ පවතින ස්වභාවයට අනුව කොම්ප්‍රෙසරය සකස් වෙමින් අවශ්‍ය උෂ්ණත්වය නියමිත පරිදි මුදාහැරීම මෙහිදී සිදුවේ. මෙහිදී කොම්ප්‍රෙසර් 2ක් මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වෙමින් වෙනත් කොම්ප්‍රෙසර්වලට වඩා ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරයි. LG ඩුවල් කූල් වායු සමීකරණය 60% දක්වා විදුලිය ඉතිරි කිරීමක් සහතික කරන අතර විදුලි බිලෙන් විශාල ප්‍රමාණයක් අඩු කිරීමට සමත් වෙයි.

සාමාන්‍ය ස්ථිර වේග වායු සමීකරණවලට වඩා 40% දක්වා වේගයෙන් සිසිල් කිරීමට LG ඩුවල් කූල් වායු සමීකරණය සමත් වෙයි. ද්විත්ව ඉන්වර්ටර් ක්‍රියාකාරීත්වය ස්ථාවරව කාර්යක්ෂම වේගයකින් ක්‍රියා කරන නිසා ප්‍රබල සිසිල් වායු දහරා සපයයි. එමගින් කාමරය ඉතා වේගයෙන් සිසිල් කරමින් ඔබට මෙන්ම පවුලේ සැමටත් සුවදායී සිසිලක් ලබාදෙයි.

LG ඩුවල් කූල් වායු සමීකරණය ඔබට කිසිදු හිරිහැරයක් නොවන පරිදි ඉතා අවම ශබ්දයකින් ක්‍රියාත්මක වන නිසා ඔබගේ සුව නින්දට කිසිදු අන්දමක බාධාවක් ඇති නොවේ. 150 ක ආනතියකින් යුතුව පිහිටා ඇති ෆෑන්වල ස්පින් බ්ලේඩ් වාතය හා ගැටීම අවම කිරීම නිසා මුදාහැරෙන ශබ්දය අවම වේ. ඩුවල් ඉන්වර්ටර් භ්‍රමණය වීමේදී ශබ්දය 40%කින් අවම කරන නිසා වායු සමීකරණයෙන් මුදාහැරෙන ශබ්දය තවදුරටත් අවම කෙරෙයි. ගෘහස්ථ සහ බාහිර ඒකකයන් අතර ශීතකාරක වායු හුවමාරැ වීමේදී පිට කරන කම්පනය සහ ශබ්දය අවම මට්ටමක පැවතීමත් LG ඩුවල් කූල් වායු සමීකරණයේ අවම ශබ්දයක් පැවතීමට හේතු වේ.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00