2019 ජනවාරි 26 වන සෙනසුරාදා

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වසර 36ක් සපුරයි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 251

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ජනවාරි 19 වැනි දින 36 වැනි සංවත්සරය සැමරීය. ශි‍්‍ර ලාංකිකයන් වෙනුවෙන්  උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19  දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය එතැන්  සිට අද දක්වා පසුකලාවූ 36 වසරකට වැඩි කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන් සේම බිහිකළාවූ ජයග‍්‍රාහකයින් අපමණය. මෙරට ජනතාව ලොතරැයියක් වෙනුවෙන් වියදම් කරන්නාවූ රැපියල් විස්ස නැවතත් ඔවුන් අතරටම ගෙනයන්නාවූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට බොහෝ ජීවිත එක් රැයින් වාසනාවන්ත කරන අතරම රට වෙනුවෙන් සෞඛ්‍යමය සහ අධ්‍යාපනික මෙහෙවරක යෙදෙන්නේය.

ජනාධිපති අරමුදල සහ මහපොළ භාරකාර අරමුදල මගින් රුපියල් මිලියන 2.2 බැගින් මුදල් ආයෝජනය කර මෙම මණ්ඩලය ආරම්භ කරන්නේ ජනාධිපති අරමුදලේ හා මහපොළ අරමුදලේ මූල්‍ය පදනම ශක්තිමත් කිරීමේ පරම අපේක්ෂාවෙනි. ඒ අනුව ජනාධිපති අරමුදල හා මහපොළ භාරකාර අරමුදල වෙනුවෙන් තම ලාභාංශයන් පරිත්‍යාග කරන එකම රාජ්‍ය ආයතන සංවර්ධන ලොතරුයි මණ්ඩලය වන්නේය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භයේදී සංවර්ධන ලොතරුයි මධ්‍යස්ථානය ලෙස හදුන්වනු ලැබූ අතර අනතුරැව  සංවර්ධන ලොතරුයි භාරය බවට 1993 දී පත්කරන ලදී.1997 අගෝස්තු 12 වැනිදා 1997 අංක 20 දරන සංවර්ධන ලොතරුයි මණ්ඩල පනත මගින් මෙම භාරය සංවර්ධන ලොතරුයි මණ්ඩලය බවට පරිවර්තනය කරන ලදී.
දිනෙන් දිනම රට වෙනුවෙන් ලබාදුන් දායකත්වය තීව්‍ර කරමින් ඉදිරියට පැමිණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය 1983 සිට 2018 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබා දුන් නොමසුරු දායකත්වය රුපියල් 24,784,893,732 කි. ආරම්භයේ සිට මේ දක්වා සරසවි දූ පුතුන්ගේ උසස් අධ්‍යාපනය උදෙසා ලබාදුන් මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රමාණය 2 89 137 කි.පසුකලාවූ 2018 වර්ෂයේදී පමණක් ජනාධිපති අරමුදල වෙනුවෙන් ලබාදුන් දායකත්වය කෝටි 200 කි.
එවන් වූ දායකත්වයක් සැපයීමට සංවර්ධන ලොතරුයි මණ්ඩලයට ශක්තියක් වන්නේ ‘ශනිදා වාසනා’, ‘සංවර්ධන වාසනාව’, ‘ලග්න වාසනාව’, ‘ජයෝදා’, ‘නියත ජය’, ‘කෝටිපති ශනිදා’, ‘සුපර් බෝල්’ සහ ‘අදකෝටිපති’ සහ ක්ෂණික ලොතරුයිය යන සංවර්ධන ලොතරුයි පවුලේ ලොතරැයිපත්වලින්ය.

එවන් වූ අසමසම මෙහෙවරක නියැලෙමින් වාසනාවේ අරැණළු රැගෙන රට වටා යන සංවර්ධන ලොතරුයි මණ්ඩලය තුළින් වාසනාව උදාකර ගන්නේ එය මිලදී ගන්නා පරිභෝගිකයන් පමණක්ම නොවන්නේය. සංවර්ධන ලොතරැයි අලෙවි ජාලය සමග අත්වැල් බැද සිටින බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් 89 දෙනෙක්ට, 2500 කට අධික අලෙවි නියෝජිතයන්ට හා ඒ යටතෙහි සිටින විසිදහසකට අධික අලෙවි සහයකයන්ට රුකියා නිර්මාණය කර දුන් තෝතැන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00