2019 ජනවාරි 19 වන සෙනසුරාදා

මොබිටෙල් ප‍්‍රධාන අලෙවි ශාඛාවේ (Flagship Store) පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නවීන සන්නිවේදන පහසුකම් සහ

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

ඔබ සමඟයි සැමදා යන පොරොන්දුව ඉටුකරමින් ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් කොළඹ 02 සිය ප‍්‍රධාන අලෙවි ශාඛාවේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නවීකරණය කර ඉතාමත් අභිමානයෙන් නැවත පාරිභෝගික ජනතාව වෙත විවෘත කළේය. රටපුරා විහිදී ඇති සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන අතරින් සියලු නවීන අංගඋපාංග සහිතව මෑතකදී නවීකරණය කළ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන අතරට මෙයත් එක්වේ. මොබිටෙල්හි ඇති උසස් සන්නිවේදන නිෂ්පාදන සහ සේවා තාක්ෂණය ජනතාවට පිළිබිඹු කරනු වස් අනාගතවාදී තේමාවක් යටතේ සියලු නවීන පහසුකම්වලින් මෙම අලුත්ම සේවා මධ්‍යස්ථානය පරිපූර්ණ වේ.

මේ නවීනත්වයෙන් පිරි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මඟින් පාරිභෝගික පහසුව සහ නවීන සන්නිවේදන තාක්ෂණික අත්දැකීමක් සියලු දෙනාටම ලබාදෙයි. මෙම මධ්‍යස්ථානයේදී විවිධ පරාසයන් වෙත විහිදී ඇති මොබිටෙල් සතු නවීන සන්නිවේදන තාක්ෂණික උපාංග ප‍්‍රදර්ශනය කෙරේ. එහිදී Internet of Things (IoT) සංකල්පය  අනුව උපාංග ක‍්‍රියාකාරීත්වය දැකගැනීමේ හැකියාවත් නවීන ස්මාර්ට් ජංගම දුරකථන පෙළ දැකගැනීමේ අවස්ථාවත් සහ රොබෝ තාක්ෂණික බලගැන්වීම් මෙන්ම පරිගණක ක‍්‍රීඩා කිරීම වෙනුවෙන් වෙන්කළ ස්ථාන ද තිබේ. අලුත්ම සන්නිවේදන තාක්ෂණික බලගැන්වුම් සමීප කරමින් වඩාත් සුපිරි නවීන සන්නිවේදන අත්දැකීමක් ඉතිහාසයේ පළමු වතාවට මොබිටෙල් පාරිභෝගික ජනතාවට ලබාදීම අරමුණු පෙරදැරිව මෙම නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. 

පාරිභෝගිකයා මධ්‍යගත ගුණාත්මක සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම මඟින් සිය පාරිභෝගිකයා බලගැන්වීම මෙන්ම පෙර නොවූ විරෑ නව්‍ය සන්නිවේදන තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට මොබිටෙල් කටයුතු කරයි. පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කිරීමටත් තමන් තුළින්ම පැන නැගෙන ඔබ සමඟයි සැමදා පොරොන්දුව ඉටුකිරීමටත් මුල්තැන දෙමින් මොබිටෙල් සේවා මධ්‍යස්ථාන සහ ඇමතුම් මධ්‍යස්ථාන සහජයෙන්ම ඉතා උසස් සේවාවක් ලබාදෙමින් අන් සියල්ලන් අතරින් සුවිශේෂීව ඉදිරියට පැමිණ තිබේ.