2019 ජනවාරි 19 වන සෙනසුරාදා

එල්. බී. ෆිනෑන්ස් (Premier) ශාඛාවක් කිරිබත්ගොඩ නගරයට

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

නව්‍ය මූලය සේවාවන්හි පුරෝගාමීව කටයුතු කරන එල්. බී. ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා තම කිරිබත්ගොඩ (Premier) ශාඛාව 175, නුවර පාර, කිරිබත්ගොඩ යන නව පරිශ්‍රයේ උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී. එල්. බී. ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂක නිරෝෂන් උඩගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාලන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණු මෙම උත්සවයට එල්. බී. ෆිනෑන්ස් සන්නාම තානාපති ප්‍රවීණ රංගධරවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ද එල්. බී. ෆිනෑන්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කාර්යමණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීහු ද සහභාගී වී සිටියහ.

වසර 47කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්. බී. ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම (Premier) ශාඛාව විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, අධ්‍යාපනික ණය, දේපල ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම් ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරැම් තැන්පතු වැනි ආයෝජන අවස්ථා ද, පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රුසක් ජනතාවට ලබාදෙනු ඇත.

වර්ෂ 1971 දී ආරම්භ වූ එල්. බී. ෆිනෑන්ස් සමාගම අද වන විට ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත් විශ්වාසනීය සහ ගෞරවනීය මූල්‍ය සමාගමකි. ලෝකප්‍රකට වෙළෙඳ සන්නාම වර්ගීකරණ ආයතනයක් වන Interbrand විසින් වර්ෂ 2017 දී සිදු කළ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ හොඳම මූල්‍ය සහ ලීසිං සන්නාම අතරින් එල්. බී. ෆිනෑන්ස් සමාගම අංක 1ට තෝරා ගැනීම, මෙම සමාගම ශ්‍රී ලංකා ප්‍රජාව තුළ ලබා ඇති පිළිගැනීම මනාව පිළිබිඹු වේ. එමෙන්ම Fitch ශ්‍රේණිගත කිරීම අනුව A – (Ika) ශ්‍රේණිය  ලබා ඇති එල්. බී. ෆිනෑන්ස් සමාගම ඉදිරියේදීත් තම පාරිභෝගිකයන්ට අසමසම සහ ආකර්ෂණීය මූල්‍ය සේවාවන් සැපයීම බලාපොරොත්තුවයි.