2019 ජනවාරි 12 වන සෙනසුරාදා

පීපල්ස් ලීසිං සමාගමට ගෞරව සම්මාන 2ක්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අල් සෆා ඉස්ලාමීය මූල්‍යකරණ ඒකකය, දකුණු ආසියානු ඉස්ලාමීය බැංකු හා මූල්‍යකරණ ක්ෂේත්‍රයෙහි විශිෂ්ටයන්ට ගෞරව ප්‍රණාම පිරිනැමීමේ අරමුණෙන් පැවැත්වෙන IFFSA-2018 සම්මාන උළෙලෙහි ගෞරවනීය සම්මාන 2කින් පිදුම් ලැබීමට පසුගියදා සමත්විය.

එම IFFSA (Islamic Finance Forum of South Asia) සම්මාන උළෙල 3 වන වරටත් සිනමන් ලේක් සයිඩ් හිදී පැවැත්වුණු අතර එහිදී වසරේ විශිෂ්ටතම සමාජ සත්කාරක ව්‍යාපෘතිය (CSR Project of the Year) සඳහා පිදෙන ලෝක සම්මානය පීපල්ස් ලීසිං සමාගමට හිමිවිය. මෙම IFFSA සම්මානවල විශිෂ්ටත්වය වන්නේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ පිහිටි ඉස්ලාමීය මූල්‍ය ආයතන දහස් ගණනක් අතුරෙන් විශිෂ්ටයන්ට ගෞරවනීය පිළිගැනුමක් හිමිවීමය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරුඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆීච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව AA – (ILK) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00