2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

‘හොඳම ඩිජිටල් සෞඛ්‍යාරක්ෂණ’ලෙස eChannelling පිදුම් ලබයි

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 15

ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව්‍ය සොයාගැනීම් සහ සංවර්ධනයේ විශිෂ්ටත්වය හඳුනාගැනීම උදෙසා මෑතක ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වුණු South Asia mBillionth award 2018 සම්මාන උළෙලේ දී ‘Health and Wellbeing’ අංශයෙන් eChannelling PLC වසරේ Best digital health care platform (හොඳම ඩිජිටල් සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සලසන්නා) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවිය. දකුණු ආසියාතික රටවල සහභාගීත්වයෙන් ඉන්දියානු ඩිජිටල් බලගැන්වීමේ පදනම (Digital Empowerment Foundation ‘DEF’) විසින් South Asia mBillionth award 2018 උළෙල සංවිධානය කර තිබේ.

DEF යනු සංවර්ධනය උදෙසා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යොදාගැනීම් අංශය ශක්තිමත් කිරීමට සිය වෘත්තීය දායකත්වය සපයන විද්වතුන්ගෙන් සැදුම්ලත් ලොව අංක එකේ ආයතනයකි. ‘දැනුවත් කරන්න, සන්නිවේදනය කරන්න, බලගන්වන්න’ යන්න තේමාව කරගත් DEF ආයතනය ඉන්දියාවේ ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති දිළිඳුකම පිටුදැකීම උදෙසා ජනතාව බලගැන්වීමේ අරමුණින් තිරසාර ඩිජිටල් මැදිහත්වීමක් සිදුකරගෙන යන ආයතනයකි. එමගින් ප්‍රජාවගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩිකිරීම, අති දුෂ්කර ප්‍රදේශවලට පවා සම්බන්ධතා පවත්වාගැනීමට අවශ්‍ය සන්නිවේදන පහසුකම් දියුණුකිරීම ආදී පහසුකම් ලබාදීමේ සේවා සපයයි. එවැනි සංවිධානයකින් පැවැත්වූ සම්මාන ප්‍රදාන උළෙලක දී දකුණු ආසියාතික රටවල් අතරින් හොඳම ඩිජිටල් සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සලසන්නා ලෙසින් eChannelling PLC සම්මානයට පාත්‍රවීම ඉතා අභිමානනීය අවස්ථාවකි.  

අන්තර්ගතය සහ සේවා, සමාජ බලපෑම සහ තිරසාර පැවැත්ම, ක්‍රියාකාරීත්වය/ හැසිරවීමේ පහසුව, තිරයේ ස්වාභාවය සහ දෘෂ්‍ය නිමැවුම්, ඒකායන වෙළඳ අරමුණ සහ අලෙවි උපක්‍රමික අගය, නිමැවුම් ක්‍රියාවලිය සහ ක්‍රියාවට නැංවීමේ පහසුව, ළගාවීමේ හැකියාව සහ පරිපූර්ණ අත්දැකීම, ආදී නොයෙක් පරාමිතීන් ඔස්සේ mBillionth Awards 2018 විසින් eChannelling ඇගයීමට ලක්කොට තිබේ. ඒ ඇගයීම සඳහා උපයෝගී කරගත් පරාමිතීන් සියල්ලෙහිම දකුණු ආසියාතික කලාපයේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරගෙන මුල්තැන ගැනීමට eChannelling fiajdjg හැකියාව ලැබී තිබේ. නවෝත්පාදනය සහ සුලභතාවය පදනම් කරගනිමින් ලෝක ජංගම දුරකථන සහ සන්නිවේදන වෙළඳපොළේ ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් ලෙස දකුණු ආසියාව ඉතා ඉහළ වර්ධනයක් පෙන්වන බව mBillionth Awards සංවිධායකයන් විසින් සන්නිවේදන කර්මාන්තයේ නූතන නැඹුරුතා සහ ග්‍රහකයන් වැඩිවීමේ ප්‍රවණතා පිළිබඳ අධ්‍යනයන්ගෙන් පෙන්වාදෙයි.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30