2018 ජුනි 23 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් නවතම ශාඛාවක් මිනුවන්ගොඩට

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා එල්.බී. ෆිනෑන්ස් නවතම ශාඛාවක් නො.57, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ යන ස්ථානයේදී අභිනවයෙන් විවෘත කෙරුණි.

පාරිභෝගික ඔබ සඳහා ගුණාත්මක සේවාවක් සපයමින් ඔවුන්ගේ විශ්වාසය තවදුරටත්  තහවුරු කරගත් එල්.බී ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය පුළුල් කරමින් දීපව්‍යාප්ත සේවාවක් සැපයීම සඳහා මිනුවන්ගොඩ නගරයේ මෙම නවතම ශාඛා විවෘත කිරීමේ උත්සවය එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒන්ස්ලි මෝතා  මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාලන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කරන ලදී.

වසර 47ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ තම පරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛාව විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, දේපළ ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රුසක් මිනුවන්ගොඩ  නගරයේ ජනතාවට ලබාදෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජන හදවත්වලට ක්‍රමයෙන් සමීප වෙමින් උසස් සේවාවක් සහ නොබිඳෙන විශ්වාසයක් ගොඩනගාගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම ඉදිරියේදීත් පාරිභෝගික ඔබට වඩාත් සමීප උසස් සේවාවක් සැපයීම සඳහා බලාපොරොත්තු වෙයි.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00