2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

මොබිටෙල් Nokia වෙතින් මිලියන 1.5ක්

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

මොබිටෙල් - Nokia ප‍්‍රවර්ධන වැඩසටහනෙන් රු. මිලියන 1.5ක් සහ යතුරුපැදි 16ක් පාරිභෝගිකයන් වෙනුවෙන් ප‍්‍රදානය කෙරේ

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, Nokia ජංගම දුරකථන සැපයුම්කරැ වන HMD Global සමඟ එක්ව ඔවුන්ගේ Nokia Android දුරකථන වෙනුවෙන් වන විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනේ ත්‍යාග උත්සවය පසුගියදා කොළඹදී සිදුවිය. 

Nokia 2, Nokia 3, Nokia 5, Nokia 6 iy Nokia 8 ජංගම දුරකථන මිලදීගත් පාරිභෝගිකයන් මෙම තරගය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර ඔවුන් අතරින් ජයග‍්‍රහණය කරන ලද පාරිභෝගිකයන් වෙනුවෙන් විස්මිත ත්‍යාග සහ වෙනත් තිළිණ හිමිවිය. මෙම තරගය හා අදාළ සුපිරි ත්‍යාගය රුපියල් මිලියන 1.5ක් වූ අතර වෙනත් ත්‍යාග රාශියක් සහ සැනසිලි ත්‍යාග ද රැසක්ම ප‍්‍රදානය කෙරිණි.

ප‍්‍රවර්ධන කාල සීමාව අතරතුර තමන් මිලදී ගත් Nokia ජංගම දුරකථන සඳහා මොබිටෙල් සිම්පත් සක‍්‍රීය කිරීමෙන් අනතුරුව මොබිටෙල් සබඳතාවන් හිමිකරගත් වාසනාවන්ත පාරිභෝගිකයන් 16 දෙනකු විසින් ඉතාම වටිනා අලංකාරවත් TVS Apache යතුරුපැදි දිනාගන්නා ලදී. මීට අමතරව, Nokia ජංගම දුරකථන මිලදී ගත් සියලුම පාරිභෝගිකයන් වෙනුවෙන් මොබිටෙල් විසින් මෙම ප‍්‍රවර්ධන කාලසීමාව පුරා නොමිලේ කතාකාලයක් සහ Data ලබාදෙන ලදී.

ජංගම දුරකථන ද ඇතුලුව සිය නවෝත්පාදන නිෂ්පාදන වෙනුවෙන් වූ, ලොව පුරා ප‍්‍රචලිත සාඩම්බර ඉතිහාසයක් Nokia සතු වෙයි. Nokia ස්මාර්ට් ජංගම දුරකථන විසින් සිය පාරිභෝගිකයන්හට යාවත්කාලීන වූ සහ බාධාවකින් තොරව සිය ජංගම දුරකථන සුරක්‍ෂිතව භාවිත කිරීමේ අවස්ථාව උදාකර දෙයි Google විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග සහ Nokia ජංගම දුරකථනවල මෙහෙයුම් පද්ධතිය වන Android One මඟින් පාරිභෝගිකයන්හට භාවිත කිරීමට අවශ්‍ය මෙන්ම අවශ්‍ය නොවන Apps මොනවාද යන්න තෝරා ගැනීමේ අවස්ථාව හිමිකර දෙයි. නිතිපතා ආරක්‍ෂණ යාවත්කාලීන සිදු කිරීම් මඟින් Nokia ස්මාර්ට් ජංගම දුරකථන සුරක්‍ෂිත තත්ත්වයේ පවත්වා ගැනීමට කටයුතු කරනු ලබන අතර Google සහාය ඇතිව සිදු කරනු ලබන ඉහළ නැංවීම් වැනි නවතම Google නවීකරණයන් ද පාරිභෝගික ප‍්‍රජාව වෙත තිළිණ කරනු ලබයි. Nokia ස්මාර්ට් ජංගම දුරකථන පාරිභෝගිකයන්හට Google Photos ආධාරයෙන් උසස් ප‍්‍රමිතියේ ඡායාරෑප ගබඩා කිරීමේ අසීමිත අවස්ථාවන් Android One ඔස්සේ හිමිවේ.   

මොබිටෙල් විසින් සිය පාරිභෝගිකයන්හට ඔවුන්ගේ ජීවන රටාවන් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සුවිශේෂී ස්මාර්ට් ජංගම දුරකථන හිමිකර දීම සඳහා ප‍්‍රමුඛතම ජංගම දුරකථන වෙළෙඳනාම (Brands) සමග සබඳතා ගොඩනගා ගැනීම ඉදිරියේදීත් අඛණ්ඩව සිදු කරනු ලබයි. 

 

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00