2018 මාර්තු 10 වන සෙනසුරාදා

මොබිටෙල් සහ කොමර්ෂල් බැංකුව ඩේටා + ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වාදෙයි

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන, මොබිටෙල් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සමඟ සහයෝගීත්වයෙන් නවතම අකාරයේ සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වාදෙයි. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවා සැපයුම්කරුවකු විසින් මූල්‍ය ආයතනයක් සමඟ සහයෝගීතාවක් ඇති කරගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම සබඳතාව ඔස්සේ මොබිටෙල් පාරිභෝගිකයන් හට ඉහළ ප්‍රතිලාභ හිමිවන ඩේටා + ලෝයල්ටි ක්‍රෙඩිට් කාඩ්පතක් (Data + Credit Card) හිමිවේ. මෙය විදුලි සංදේශ සහ බැංකුකරණ ක්ෂේත්‍රයන්හි, තාක්ෂණ භාවිතයේ නව පෙරළියක් ඇතිකරලීමේ ආරම්භය වන අතර මෙමගින් සිය පාරිභෝගිකයින් හට අනර්ඝ සේවාවක් සැපයීමට ආයතන ද්විත්වයටම හැකියාව ලැබේ. මෙය ක්‍රෙඩිට් කාඩ් ක්ෂේත්‍රයට හඳුන්වාදෙන සුවිශේෂී වූ ඩේටා + ලෝයල්ටි ක්‍රෙඩිට් කාඩ්පතක් වන අතර ක්‍රෙඩිට් කාඩ් මෙහෙයුම් සියල්ල කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන අතර දත්ත පිරිනැමීම තහවුරු කරනුයේ මොබිටෙල් සමාගම විසිනි.

ශ්‍රී ලාංකික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ ප්‍රමුඛතමයකු ලෙස මොබිටෙල් සැමවිටම කටයුතු කළ අතර සැමදා ඔබ සමඟයි යන සිය සන්නාම ප්‍රතිඥාව අනුව යමින් සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වැඩි දියුණු කරන ලද නවෝත්පාදක සහ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන්ම සැලසුම් කළ සන්නිවේදන තාක්ෂණ විසඳුම් පිරිනැමීම අඛණ්ඩව සිදුකරන ලදී. පාරිභෝගික තෘප්තිය තහවුරැ කරමින් සහ ජීවන රටාවන් දියුණු කරමින්, ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන සහ සේවා පිරිනැමීමට සමාගමේ සියලුම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ක්‍රෙඩිට් කාඩ්පත සාම්ප්‍රදායික පිරිනැමීම්වලින් ඔබ්බට යමින්, ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරන සෑම වාරයකදීම අදාළ මොබිටෙල් සබඳතාව වෙනුවෙන් නොමිලේ ඩේටා (Free Data) හිමිකර ගැනීම වැනි ඉතාම සුවිශේෂී ප්‍රතිලාභ රැසක් මොබිටෙල් පාරිභෝගිකයන්හට හිමිකර දෙයි. පාරිභෝගිකයන් විසින් සිදුකරනු ලබන සෑම රු. 1000ක ක්‍රෙඩිට් කාඩ් ගෙවීමක් සඳහාම දින 30 දක්වා වලංගු 50MB ඩේටා ප්‍රමාණයක් නොමිලේ හිමිවේ. එබැවින් ඔබ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරන ප්‍රමාණයේ ඉහළතාව අනුව අන්තර්ජාලයේ සැරිසැරිය හැකි අවස්ථාව ද ඉහළ යනු ඇත. 

මොබිටෙල් හි ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මෙහිදී ප්‍රකාශ කළේ “ක්ෂේත්‍රයට නව්‍යතාවන් හඳුන්වාදීමේ ප්‍රමුඛතමයා ලෙස මොබිටෙල් සිය සම්ප්‍රදාය අනුව යමින් කොමර්ෂල් බැංකුව සමඟ සහයෝගිකාවෙන් යුතුව මෙම සුවිශේෂී ඩේටා + ලෝයල්ටි ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව දැවැන්ත පාරිභෝගික ප්‍රජාවක් ආකර්ෂණය කරගෙන තිබෙනවා. මෙම ක්‍රෙඩිට් කාඩ්පත ඔවුන්ගේ එම පාරිභෝගික ප්‍රජාවට, බැංකුව වෙත දැක්වූ පක්ෂපාතීත්වය සහ විශ්වාසනීයත්වය වෙනුවෙන් තිළිණ පිරිනැමීම සඳහා වූ නව මාර්ගයක් වෙනවා” යනුවෙනි. 

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00