2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

නෙස්ලේ වෙතින් Nespray Coco-Up නව කිරි පානයක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

දේශීය කිරි යහගුණයෙන් හා නැවුම් හා රසවත් පොල් රසයෙන් අනූන නව වට්ටෝරුවක්!

නෙස්ප්‍රේ කිරි ගුණයත් පොල්වල අඩංගු නැවුම් රසයත් මනාව ගලපමින් හඳුන්වාදෙනු ලැබූ Nespray Coco-Up යනු නෙස්ලේ සමාගමේ අලුත්ම Ready-to-Drink පානයයි. කිරි රසයත්, නැවුම් පොල් රසයත් සහිත Nespray Coco-Up නිපදවන්නේ දේශීය කිරි සහ පොල් යොදාගෙනය. ඊට කිසිදු කෘත්‍රිම වර්ණකයක් හෝ ආහාර කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් එක් නොකෙරේ. තවද පොල් සාරය යොදා නිෂ්පාදනය කරන ලද මෙරට ප්‍රථම කිරි පානය වන්නේ ද මෙයයි. ගෝලීය මට්ටමින් ද නෙස්ලේ සමාගම මේ ආකාරයේ නිෂ්පාදනයක් සිදුකළ පළමු අවස්ථාවද මෙය වීම කැපී පෙනේ.

පොල් යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම ආහාර පිළියෙළ කිරීමටත් පානය කිරීමටත් යොදාගන්නා සුවිශේෂී නැවුම් රසයක් සහිත ආහාරයකි. ස්වභාවයෙන්ම කැල්සියම් ගුණයෙන් අනූන කිරි, වර්ධනයට හා සංවර්ධනයට දරුවන්ගේ ආහාර වේලෙහි අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටුකරයි. මේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය දෙක මනාව ගලපමින් තම කිරි සන්නාමය වන නෙස්ප්‍රේ යටතේ ළමුන්ට වඩාත් විනෝදයෙන් යුතුව කිරි පානය කිරීම සඳහා යොමුකරන මේ සුවිශේෂී පානය නෙස්ලේ හඳුන්වා දී තිබේ.
නෙස්ලේ සමාගමේ කිරි අංශයේ උප සභාපති රුවන් වැලිකල මහතා මෙසේ පැවසීය. තම දරුවන්ට ශක්තිමත් පෝෂණීය පදනමක් ලබාදීමට උනන්දු සෑම මවක්ම නෙස්ප්‍රේ කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. දරුවන්ගේ විවිධ රුචිකත්වයන්ට හා අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට නෙස්ප්‍රේ, කිරි නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබෙනවා. නැවුම් කිරි සහ පොල් නව වට්ටෝරුවෙන් නිෂ්පාදනය කරන Nespray Coco-Up අපගේ ශක්තිමත් නිෂ්පාදන පෙළට එකතු වීමත් සමඟ සුවිශේෂී අත්දැකීමක්, එනම් කිරි පානය කිරීමේ අලුත් වින්දනයක්, ත්‍රාසයක් වගේම නැවුම් බවක්ප දරුවන්ට ලබා දේ.

මෙම නව නිෂ්පාදනය, නෙස්ලේ සතු ලොව ප්‍රමුඛතම පර්යේෂණ හා සංවර්ධන (R and D) ඒකකය විසින් හඳුන්වා දෙනු ලැබූවකි. එමෙන්ම ළමා පෝෂණය ගැනත් කිරි හා පොල් සැකසීම පිළිබඳවත් නෙස්ලේ සමාගම සතු විශේෂඥතාවය ද මෙහිදී උපයෝගී වී ඇත.

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30