2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

මොබිටෙල් X Station වෙතින් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ත‍්‍රිමාණ මුද්‍රණ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන Mobitel පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය සහ RCS 2 ටෙක්නොලොජිස් පෞද්ගලික සමාගම හා එක්ව පාසල් සිසුන් සඳහා 3D මුද්‍රණ කඳුවරක් Mobitel හි අන්තර්ජාලය හා සම්බන්ධ දෑ පිළිබඳ නව්‍යකරණීය අලෙවි සැල වන X Station හිදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ පළමු 3D මුද්‍රණ කඳවුර බවට එය පත් වූ අතර ශිෂ්‍ය ප‍්‍රජාව අතර  3D මුද්‍රණ තාක්‍ෂණ වර්ධනය දිරිමත් කිරීමේ අරමුණින් එය පවත්වන ලදී.   

අන්තර්ජාලය හා සම්බන්ධ දෑ පිළිබඳ Mobitel මධ්‍යස්ථානය වන X Station දැනටමත් 3D තාක්‍ෂණයේ ආශ්චර්යයන් රටේ පොදු මහජනතාවට හඳුන්වා දී තිබේ. 3D තාක්‍ෂණය මෘදුකාංග රැසක් ඔස්සේ ලොව පුරා භාවිතා කරන නව තාක්‍ෂණයක් වන අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත මුද්‍රණ ආදේශකයන් ලෙස 3D මුද්‍රණ මිනිස් ඉන්ද්‍රියන් යැවීමට තරම් එය පුළුල් පරාසයක් පුරා එහිදී පවතී.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට පැවති මෙම 3D මුද්‍රණ කඳවුර සඳහා කොළඹ ආනන්ද, රාජකීය, ඩී.එස්. සේනානායක, අනුලා, නාලන්දා, සිරිමාවෝ බණ්ඩාරනායක යන විදුහල් නියෝජනය කරමින් සිසු සිසුවියෝ එක්ව සිටියහ. සහභාගිත්වය එක්කළ එම සෑම පාසලකින්ම සිසුන් පස් දෙනකු බැගින් මේ සඳහා සම්බන්ධ වූ අතර ඔවුන්ව තවදුරටත් මිශ‍්‍ර කාණ්ඩ පහකට ගොනු කරමින් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක විණි. ලබා දෙන්නා වූ සම්පත් මඟින් ප‍්‍රශ්නයක් ඒ සෑම කණ්ඩායමක්ම විසඳිය යුතු වීම විශේෂත්වයක් විය. 3D මුද්‍රණ යන්ත‍්‍රයක්, පරිගණකයක්, විද්‍යුත් සංවර්ධන කට්ටලයකින් මූලිකවම එම සම්පත් සමන්විත වූ අතර ඒවා උපයෝගි කර ගනිමින් කුඩා රොබෝ යන්ත‍්‍රයක් නිර්මාණය කිරීම සිදුකරන ලදී. අනතුරුව එම සෑම කණ්ඩායමක් තම නිෂ්පාදනය පිළිබඳව ඉදිරිපත් කිරීමක් විනිසුරු මණ්ඩලය වෙත සිදුකළ අතර කලින් තීරණය කරන ලද නිර්ණායක මත පිහිටමින් ජයග‍්‍රාහි කණ්ඩායම හා අනුශූරයන්ව ඔවුන් විසින් තෝරා ගන්නා ලදී. 

මෙම පුරෝගාමී 3D මුද්‍රණ කඳවුර නව තාක්‍ෂණ ප‍්‍රවණතාවක් ලෙස 3D මුද්‍රණයේ ඇති වැදගත්කම අවධාරණය කිරීම සඳහා Mobitel හට අවස්ථාව ලබා දෙන ලදී. ශ‍්‍රී ලංකාව තුළ 3D මුද්‍රණ දැනුම පුළුල් කිරිමෙහි ලා ප‍්‍රධාන භූමිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිරූපණය කරන අතර ත‍්‍රිමාන 3D මුද්‍රණ යන්ත‍්‍ර නිෂ්පාදනය කරමින් RCS2 ටෙක්නොලොජිස් පෞද්ගලික හා සමාගම ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ලබයි. සෑම වසරකම දෙසැම්බර් තුන්වැනිදාට යෙදෙන ගෝලීය 3D මුද්‍රණ දිනයට සමගාමීව මෙම කඳවුර පැවැත්වුණි.

රටෙහි තොරතුරු සන්නිවේදන ප‍්‍රමුඛයා ලෙස තම දර්ශනය Mobitel තවත් ශක්තිමත් කර ඇති අතර එය ශ‍්‍රී ලාංකික පුරවැසියන් වෙත තම දෛනික ජීවිතය සරල හා ශක්තිමත් කරලන උපාංග භාවිතා කිරීමෙහි හා එම අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව ද පිරිනමා තිබේ. 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30