2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

Huawei nova 2i ශ්‍රී ලංකාවේ දියත් කරයි

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

කැමරා 4ක පහසුකම් සහ පුළුල් ස්පර්ශක තිරයක්

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  සිය නවතම මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනය වන Huawei nova 2i ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීම පසුගියදා කොළඹ පාක් ස්ට්‍රීට් මිව්ස්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ සහ සිංගර් ශ්‍රී ලංකා සහ Huawei ශ්‍රී ලංකා හි කළමණාකාරීත්වය සහ අලෙවි නියෝජිතයින් මෙන්ම සහකරුවන් ද එක්ව සිටියහ. 

Huawei හි සුපිරි කැමරා තාක්ෂණය මතකයන් සිහිවටන බවට පත්කරගැනීමේදී අතිශය වැදගත් වන අතර මෙම නවතම ස්මාර්ට්ෆෝනය කැමරා 4කින් සමන්විත වෙයි. ඉදිරිපස කැමරා ද්විත්වය flash පහසුකම සහිත 13MP වන අතර පසුපස කැමරා ද්විත්වයද flash පහසුකම සහිත 16MP plus 2MP වෙයි. Huawei nova 2i හි ඉදිරිපස කැමරා ද්විත්වය ඡායාරූප ලබාගැනීමෙන් පසු ෆෝකස් කළ හැකි ජනප්‍රිය ඡායාරෑප අලංකරණ මාදිලියක් වන bokeh තාක්ෂණයට අනුව නිපදවා තිබේ. මේ නිසා ඉතා සුපැහැදිලි මෙන්ම විචිත්‍රවත් ඡායාරෑප ලබාගැනීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ.

පෙනුම සහ හැඩය අතින් සලකා බැලූ කළ Huawei nova 2i මනරම් පෙනුමකින් සහ නිමාවකින් ද යුක්ත වෙයි. කෙළවර හතර මදක් රවුම් හැඩයට නිමවා තිබීම නිසා භාවිතයේ පහසුව මෙන්ම මනා පෙනුමක් ද ලබා දෙයි. අඟල් 5.9ක් වන වඩා පුළුල් වූ ස්පර්ශක තිරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය අතින් අල්ලා ගැනීමේ පහසුව සැලසෙන ප්‍රමාණයෙන් යුක්ත වෙයි. ඉතා පුළුල් ස්පර්ශක තිරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය උසස් තත්වයේ HD දර්ශන ලබාගැනීමේ හැකියාවෙන් යුක්ත වන අතර එමඟින් සමාජ මාධ්‍ය, වීඩියෝ නැරඹීම, කියවීම, ක්‍රීඩා කිරීම සහ අන්තර්ජාල පරිහරණය ආදිය සඳහා වැඩි පහසුකම් සපයයි.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සදහන් කළේ මෙම නවතම හඳුන්වා දීම මෙරට පාරිභෝගිකයින්ට වටිනා අවස්ථාවක් මෙන්ම ඔවුන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙසින් සැලකිය හැකි බවයි. සියලු සම්මතයන් බිඳ හෙළමින් පාරිභෝගික අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් මෙරට පාරිභෝගිකයින්ට උසස්තම දේ තිළිණ කිරීමට Huawei නිරන්තරයෙන් කටයුතු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Huawei nova 2i ස්මාර්ට්ෆෝනය සියලු පහසුකම් එක්තැන් කළ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. Flash, dual cameras, fingerprint sensor සහ USB port ආදී සියල්ල සමමිතක ලෙස කේන්ද්‍රගත කර ඇති බැවින් අවශ්‍ය උපාංග සියල්ල පහසුවෙන් භාවිත කිරීමට හැකියාව ලැබේ. දකුණු පසින් පිහිටා ඇති ඉදිරි කැමරාව සහ දකුණු පස පිහිටා ඇති සෙන්සර් පද්ධතිය නිසා Huawei nova 2i මනරම් සමබර පෙනුමකින් යුක්ත වෙයි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00