2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

Mobitel, Fairfirst insurance සමඟ පාරිභෝගිකයන් රක්‍ෂණය කිරීමට එක්වෙයි

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

තම පාරිභෝගිකයන් වෙත නව්‍යකාරක ක්‍ෂුද්‍ර රක්‍ෂණ (Micro Insurance) ආවරණයක් පිරිනැමීම වෙනුවෙන්, ජාතික ජංගම දුරකථන ජාලය වන Mobitel සමාගම Fairfirst රක්‍ෂණ සමාගම සමඟ එක්වෙයි. කායික දුබලතාවක් හෝ හදිසි අනතුරක් නිසාවෙන් රක්‍ෂණ හිමියා එක් තැන් වු විට අවශ්‍ය මුල්‍ය සහාය පිරිනැමීම ඒ යටතේ සිදුවෙයි. ඊට අමතරව මේ සුවිශේෂි ක්‍ෂුද්‍ර රක්‍ෂණ (Micro Insurance) ආවරණය ඔස්සේ රැකියා අහිමිවිමකදි සුරක්ෂිතතාවක් මෙන්ම හදිසි අනතුරක් නිසා සිදුවන මරණයකදි ප‍්‍රතිලාභ පිරිනමනු ලබයි.මෙම සේවාව හා ලියාපදිංචි වන Mobitel පාරිභෝගිකයන් සතියකදී රුපියල් 8,400 පමණ උපරිම වශයෙන් වසරකදි රුපියල් 35,000 ක් දක්වා මුදල් ප‍්‍රදාන සඳහා හිමිකම් සපුරනු ලබයි.

REG ලෙස කෙටි පණිවිඩයක් ටයිප් කර 428 අංකයට යොමු කිරිමෙන් Mobitel පාරිභෝගිකයන්ට මෙම ආවරණ සේවාව සමඟ ලියාපදිංචි විය හැකිය. තහවුරු කිරිමේ කෙටි පණිවිඩය පාරිභෝගිකයා වෙත ලැබුණු පසු අදාළ අයකර ගැනිම් වහාම සිදුවන අතර සම්පුර්ණ කැලැන්ඩර මාසයකින් අනතුරුව දින 30කින් රක්‍ෂණ ආවරණ සක‍්‍රීය වීම සිදුවනු ඇත. මෙම නිෂ්පාදනයේ එකම ප‍්‍රතිරක්ෂකයා ලෙස ආවරණය හා අදාළ සියලු කාරණා පරිපාලනය Fairfirst විසින් සිදු කරනු ලබයි. ලියාපදිංචියෙන් අනතුරුව මෙම නිෂ්පාදනයට අදාළ සියලු විස්තර තැපැල් මගින් අදාල ග‍්‍රාහකයන් වෙත දැනුම් දෙනු ඇත. මාසික ආවරණයක් වන මේ පිළිබඳව වැඩි විස්තර Mobitel හි 1717 ක්‍ෂණික ඇමතුම් අංශය ඇමතීමෙන් හෝ 0702125458 යන Fairfirst හි ක්‍ෂණික දුරකථන අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට දැනගත හැකිය. Mobitel පෙර ගෙවුම් පාරිභෝගිකයන් වෙතින් රුපියල් පහක දෛනික ගාස්තුවක් සමඟ බදු මුදල් මෙම සේවා සඳහා අය කරන අතර පසු ගෙවුම් පාරිභෝගිකන්ගෙන් රුපියල් 150ක නාමික ගාස්තුවක් හා අදාළ බදු මුදල් මෙම සේවාව සඳහා අයකරනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Mobitel හි ප‍්‍රධාන විධායක නිලධාරි නලීන් පෙරේරා මහතා මෙසේ පැවසුවේය. 
Fairfirst රක්‍ෂණ සමාගම හා එක්ව අපගේ ගනුදෙනුකරුවන් උදෙසා මෙම නවතම ක්‍ෂුද්‍ර රක්‍ෂණ ආවරණ ක‍්‍රමය හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සැබැවින්ම සතුටට පත්වෙනවා. Mobitel නිරතුරුවම පාරිභෝගිකයන්ගේ ඕනෑ එපාකම් හා අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලක් දක්වනවා. විශේෂයෙන්ම රෝහල්ගතවීමේදී වියදම් අධික වු අවස්ථාවක මෙම පැකේජය අවශ්‍ය මුල්‍ය සහාය අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත පිරිනමනවා. මෙම මාදිලියේ උපකාරක සේවාවන් හි හිඟයක් පැවති අවස්ථාවක එය සපුරාලීමට හැකිවිම පිළිබඳ අපි සතුටට පත්වෙනවා නලීන් පෙරේරා,මහතා සඳහන් කරයි. Fairfirst රක්‍ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි ආචාර්ය, සංජීව් ජා, මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි. රටේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන ජාල සැපයුම්කරුවකු ලෙස සැලකෙන Mobitel හා එක්වී මෙම සුවිශේෂි ක්‍ෂුද්‍ර මුල්‍ය රක්‍ෂණ විසඳුම එහි පාරිභෝගිකයන් වෙත හඳුන්වාදිමට හැකිවිම සම්බන්ධයෙන් අපි උද්දාමයට පත්වෙනවා. වර්ධනය වෙමින් පවතින මෙරටෙහි ආර්ථිකයට ජයග‍්‍රාහී රක්‍ෂණ විසඳුම් පිරිනමමින් හැකියාව දියුණු කරලීම උදෙසා ආයෝජනය කිරිමට අපි කැපව සිටිනවා සංජීව් ජා මහතා පවසයි.

 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30