2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

APPLE නිෂ්පාදන බලයලත් බෙදාහරින්නා අබාන්ස්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

උසස්ම තාක්‍ෂණයෙන් පිරි˙පුන් ලොව පිළිගත් නාමයේ APPLE නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින එකම බලයලත් නියෝජිතයා වශයෙන් අබාන්ස් PLC පසුගියදා පත් විය. ජාත්‍යන්තර වෙළඳපොලේ නැවුම් ප්‍රවණතා සඳහා දේශීය පාරිභෝගිකයින්ගේ ඇති ඉල්ලුම සපුරාලමින් 2017 කාණ්ඩයට අයත් ටච්බාර් සහිත නවතම APPLE MacBook Pro සහ iPad නිෂ්පාදන මේ වසර මුලදී පළමු වරට ශ්‍රී ලංකාවේ වෙළඳ පොළට හඳුන්වාදීමට අබාන්ස් විසින් කටයුතු කරන ලදී.

ලොව සුපතල විශිෂ්ටතම නාමයන්ගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දෙමින් ඔවුන්ගේ ජන ජීවිතයට නැවුම් පෙරළියක් එක් කි˙මට අබාන්ස් සමාගම සමත්ව සිටියි. වසර 30 කට අධික කාලයක් ලොව සුපතල නාමයන්ගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පා˙රිභෝගිකයන් වෙත සමීප කරවමින් ඔවුන්ගේ ජීවිතයට සුඛෝපභෝගීත්වය සමඟ සුවිශේෂී වටිනාකමක් එක් කි˙මට අබාන්ස් සමාගමට හැකි වී ඇත.

2007 වසරේ පළමු වරට APPLE නිෂ්පාදන සඳහා බලයලත් අලෙවිකරුවකු වශයෙන් අබාන්ස් සමාගම පත් වීමත් සමඟ˘ ඔවුන් සතුව ඇති වෙළඳ සහ අලෙවි අංශයන්ගේ මනා ක්‍රියාකාරි˙ත්වය නිසාම ශ්‍රී ලංකාවේ පා˙රිභෝගිකයන් අතර වඩාත්ම ජනප්‍රිය වෙළඳනාමය බවට APPLE නාමය මේ වන විට පත්ව සිටියි.

දිවයින පුරා ව්‍යාප්තව ඇති 400 කට අධික ප්‍රදර්ශනාගාර සහ 15 කට අධික Abans-Apple iStore ජාලය හරහා APPLE නිෂ්පාදන සියල්ලක්ම ලබාගත හැක. මෙහිදී iPhone කාණ්ඩයට අයත් iPhone 5S, iPhone 6, iPhone 6 Plus, iPhone 7 සහ iPhone 7 Plus ජංගම දුරකථන ලබාගත හැකි අතර Mac නිෂ්පාදන පෙළ අතුරි˙න් MacBook Air, MacBook, ටච් බාර් සහිත MacBook Pro, iMac, iMac Pro, MacPro සහ MacMini මෙන්ම APPLE උපාංග අතරි˙න් Apple TV, AirPod ඇතුළුව නිෂ්පාදන ගණනාවක් ලබාගත හැක.

Future World, BT Options, Tabz by DPJ Holdings ඇතුළුව දීපව්‍යාප්ත Abans- Apple සහකරැවන් වෙතින් අනර්ඝතම Apple නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව ඇත. අනෙකුත් අලෙවි සහකරුවන් Apple බලයලත් සහකරුවන් වන අතර අබාන්ස් වෙතින් ලබාගත හැකි දීමනා සියල්ලක්ම ඔවුන් වෙතින්ද ලබාගත හැක. එමෙන්ම අනර්ඝතම Apple නිෂ්පාදනවල විශිෂ්ඨත්වය මිලදී ගැනීමට පෙර සජීවී Demonstration එකක් හරහා අත්හදාබැලීමේ අවස්ථාවද මෙහිදී හිමි වේ.

ශ්‍රී ලංකාවේ ඇති විශ්වාසවන්තම Apple සේවා සපයන්නා වන Abans-Apple සේවා මධ්‍යස්ථානය කොළඹ රේස්කෝස් හි පිහිටා ඇත. අබාන්ස් ඇතුළු වෙනත් ඕනෑම අලෙවි සහකරුවෙකුගෙන් හෝ ලොව ඕනෑම තැනකින් මිල දී ගන්නා Apple නිෂ්පාදන සඳහා නියමිත සේවාවන් සහ අලුත්වැඩියාවන් ලබාදීමට ඔවුන් කැප වී සිටියි. Abans-Apple සේවා මධ්‍යස්ථානයේ සියළුම කාර්මිකයින් Apple සහතිකලත් පුද්ගලයන් වන අතර ඕනෑම සංකීර්ණ දෝෂයක් හෝ අලුත්වැඩියාවක් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් විසඳීමට ඔවුන් සමත්වෙයි.

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00