2017 ජුලි 15 වන සෙනසුරාදා

ලංකා බැංකුවේ වෙබ් අඩවිය Apply Online පහසුකම සහිතව යළිත්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

දිවයිනේ අංක 1 බැංකුව වන ලංකා බැංකුව වඩාත්ම ප‍්‍රබල බැංකුව ලෙස වසර 78ක සිය ස්ථිර සාර ගමනේදී තම විවිධ වූ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට කඩිනමින් අනුගතව විසඳුම් දිය හැකි බව Apply Online පහසුකම සහිතව සිය වෙබ් අඩවිය යළි දියත් කිරීම මගින් තහවුරු කරයි. ගනුදෙනුකරුවන් කරා ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ලීමට නව්‍යකරණ මාර්ග සොයා යාමේදී මෙම යළි දියත් කිරීම ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයකදී බැංකුකරණයට පහසුවෙන් ප‍්‍රවේශ වීම සහ වැඩි අවකාශයක් සපයන ඩිජිටල් නවීකරණ දිශානතියෙහි තවත් ඉදිරි පියවරකි.

Apply Online පහසුකම ගනුදෙනුකරුට දීප ව්‍යාප්තව තමා වඩාත් කැමති ශාඛාවකට ණය මුදලක් ඉල්ලීම බාර දීමේ හැකියාව මූලික වශයෙන් ගනුදෙනුකරුට ලබාදෙයි. මෙම නව වෙබ් අඩවියේදී ගනුදෙනුකරුට සරල පියවර කීපයක් අනුගමනය කිරීමෙන් අන්තර්ජාල ණය මුදල් ඉල්ලීමක් දැන් ඉදිරිපත් කළ හැක. අන්තර්ජාලය මගින් ණය ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මත ශාඛාවේදී එම ඉල්ලීම පිළිබඳව ස්වයංක්‍රියව කටයුතු කෙරෙන අතරතුර ගනුදෙනුකරුට ඒ පිළිබඳව තහවුරු කිරීමේ කෙටි පණිවුඩයක් (SMS) වහාම ලැබේ. නුදුරු අනාගතයේදී ගිණුම් විවෘත කිරීම, පැමිණිලි සහ ගනුදෙනුකාර ලිපි හුවමාරුව මෙහෙයවීමද මෙම වෙබ් අඩවියට එක් කිරීමට බැංකුව අපේක්ෂා කරයි. Apply Online පහසුකම ලංකා බැංකුව වෙබ් අඩවිය වන www.boc.lk සහ එහි ඇමතුම් මධ්‍යස්ථානය +94(11)2204444 මගින් ලබාගත හැක. ප‍්‍රතිනිර්මාණය කරන ලද බැංකු වෙබ් අඩවිය මගින් ගනුදෙනුකරුවන්හට පහසු සංචාලනය &navigation* මගින් වඩාත් පහසුවෙන් බැංකුවෙහි නිමැවුම්/සේවා තෝරාගත හැකිය. 

ගනුදෙනුකරුට තම සුවිශේෂී අවශ්‍යතාවන්ට ගැලපෙන නිමැවුම තෝරාගත හැකි අතර අන්තර්ජාලයෙන් ඉල්ලීම සිදු කිරීමට පෙර තම යෝග්‍යතාව පරීක්ෂා කළ හැකිය. ගනුදෙනුකරුවන්හට එකම පිටුවකදී ණය කාල සීමාව හා අවශ්‍යකරන ණය මුදල් ප‍්‍රමාණය ගැලපීමෙන්, දෛනිකව යාවත්කාලීන කරනු ලබන බදු, පොලී අනුපාතික සහ මුදල් වර්ගවල විනිමය අනුපාතික පරීක්ෂා කර තම ණය වාරිකය ගණනය කර ගැනීමේ පහසුව ඇත. වෙනත් පිටුවකට නොයා තම ඉතිරි කිරීමේ ගිණුම හෝ ණය විස්තර නැරඹිය හැකිය.

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00