2017 මැයි 06 වන සෙනසුරාදා

මහනුවරටත් මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

මහජන බැංකුවේ නවතම ස්වයං බැංකුකරණ ඒකකය (CDM/ATM/Kiosk) මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතා අතින් පසුගියදා මහනුවර දළදා වීදියේ මහජන බැංකු අධි ශ්‍රේණි ශාඛා පරිශ‍්‍රයේදී විවෘත කෙරිණි.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය, (Self Banking unit) ස්වයංක්‍රිය ටෙලර් යන්ත‍්‍රයකින් (ATM), මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් (CDM) සහ බිල්පත් ගෙවීමේ යන්ත‍්‍රයකින් (Kiosk) සමන්විතය. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුළු වසර පුරාම වඩාත් පහසු, සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ලයනල් ගලගෙදර, මහනුවර ප‍්‍රාදේශිය කළමනාකාර එමිල් මෙන්ඩිස්, මහනුවර ශාඛා කළමනාකාර නලින් පොත්තවෙල යන මහත්වරැන් ඇතුළු  මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරැවන් විශාල පිරිසක් සහභාගි වූහ.

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00