2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

නියඟයෙන් පීඩා විඳින ගොවීන්ට සමපෝෂ

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 22

ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රියතම ධාන්‍යමය උදෑසන ආහාරයක් වන සමපෝෂ නිෂ්පාදනය කරන ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගම, තමන් හා එක්ව සිටින ගොවි ජනතාව සමඟ ඇති බැඳීම තවත් ශක්තිමත් කරවන ගොවි සරණ වැඩසටහන යටතේ අධික නියඟය නිසා පීඩාවට පත් තිස්සමහාරාමය බෙරලිහෙළ හා ඔසුවින්න ගම්මානවල ගොවි පවුල් වෙත වියළි සලාක බෙදාදීමේ සත්කාරයක් පසුගියදා සිදුකළේය. 

මෙම සමාජ සත්කාරයේදී බෙරලිහෙළ, සමක්කුලිය, මුතියම්මගම, සඳුන්ගම, ඔසුවින්න, උඩස්ගම හා තඹරව යන ගම්මානවලට මෙසේ වියළි සලාක බෙදාදීම සිදුකෙරුණේ ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ශම්මි කරුණාරත්න මහතා අතිනි.  සිලෝන් බිස්කට්ස් සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ප්ලෙන්ටි ෆුඩ්ස් ආයතනය මීට දශක දෙකකට පෙරාතුව මෙම ගොවි ජාලය පිහිටුවන ලද්දේ සමපෝෂ නිෂ්පාදනය කිරීමට ගනු ලබන ධාන්‍ය නැවුම් හා උසස්ම තත්ත්වයේ පැවතීම හා කිසිදු කෘත්‍රීම අමුද්‍රව්‍යයක් එක් නොකිරීම සහතික කරගනු වස්ය. සමපෝෂ පසුදිසා සමෝධාන වැඩසටහන මේ වනවිට අති සාර්ථක ප්‍රතිඵල අත්කර දී තිබේ. 

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00