2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ජාත්‍යන්තර අබාන්ස් සහ සිල්වර් නීඩ්ල් වෙතින් සාප්පු සවාරි අත්දැකීමක්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 53

කොළඹ නගරයේ දිවි ගෙවන ජනතාවට පවුලේ අය සහ හිත මිතුරන් සමඟ නිදහසේ විවේකීව කාලය ගත කිරීමට හොඳම තැනක් මේ දිනවල ඉදිකෙරෙමින් පවතී. 

මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිත මෙය ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සාප්පු සංකීර්ණය වනු ඇත. මහල් 5ක් තුළ ජාත්‍යන්තර වෙළෙඳනාමයන්ගේ නිෂ්පාදන වලින් සුපිරිවෙළඳසල්, ජාත්‍යන්තර ප්‍රමිතියේ අවන්හල් සහ නවීන පහසුකම් වලින් සමන්විත සිනමාශාලා යන සියල්ලම දැකගත හැකි වනු ඇත. විවිධත්වයෙන් පිරිඅවශ්‍යතා සියල්ලක්ම ඉටු කරන සුවිසල් ප්‍ාරිභෝගික ප්‍රජාවක් ආකර්ෂණය කර ගැනීමට සමත්වීම මෙහි ඇති විශේෂත්වයයි.

නවීන විලාසිතාවේ ලොව සුපතල සන්නාමයන්ගේ කාන්තා, පිරිමි සහ ළමා ඇඟළුම් ඇතුළු තවත් නිෂ්පාදන ගණනාවක් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට සැලසෙනු ඇත. නිවසේ  ඕනෑම අවශ්‍යතාවක් ඉතා පහසුවෙන් සිදුකර දෙන ලොව විශිෂ්ටතම ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ අබාන්ස් සුපර් ස්ටෝර් වෙතින් ලබාගත හැකි වනු ඇත.

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00