2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මොබිටෙල් අනුග්‍රහයෙන් මහගස්තොට කඳු තරණ ධාවන තරග මෙවරත්

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 21

මෝටර්රථ ධාවන තරග ක්ෂේත්‍රය තුළ සිය සන්නාමය ප‍්‍රදර්ශනය කරමින් මෙම වසරේදීද වාර්තාගත මහගස්තොට කඳු තරණ ධාවන තරග සඳහා ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජය සමඟ හවුල්වෙමින් මොබිටෙල් ආයතනය සිය අනුග‍්‍රහය දක්වයි. අප්‍රේල් 6 සහ 7 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම ධාවන තරග නැරඹීම සඳහා දිවයින පුරා සිටින මෝටර් ධාවන තරග ලෝලීන් විශාල සංඛ්‍යාවක් එක් වනු ඇත. දිවයිනේ මෝටර් ධාවන සමය ආරම්භ කරමින් පළමුවෙන් මෝටර් බයිසිකල් ධාවන තරගය අප්‍රේල් 6 වැනි දින පැවැත්වෙන අතර නවීනතම මොටර් රථ ධාවන තරගය අප්‍රේල් 7 වැනි දින ආරම්භ වනු ඇත. 

මෙම ඉසව්වලට පෙර අප්‍රේල් 5 වැනි දින පැරණි මෝටර් රථ පෙරහරක් කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන්ගන්නා අතර එහිදී  පැරණි මෝටර් රථ ප‍්‍රදර්ශනයක් පැවැත්වෙනු ඇත. නරඹන්නන් මග දෙපස මහත් ආශාවෙන් බලා සිටියදී තේජස්වී මෝටර් රථ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සිට මහගස්තොට දක්වා අප්‍රේල් 6 වන දින, සිය උදෑසන ධාවනය සිදු කරනු ඇත. ජයග‍්‍රාහී ස්ථාන සඳහා වන කාලනිර්ණ ධාවන තරග 2019 අප්‍රේල් 6 සහ අප්‍රේල් 7 වන දිනවලදී උදෑසන 8.30ට ආරම්භ වනු ඇත. මෝටර් සයිකල් අංශයේ වත්මන් වාර්තාව (2017 වසරේදී පිහිට වූ වාර්තාව) උසුලන්නේ RM 250 මෝටර් සයිකලය පැදවූ ආනන්ද සම්පත් වීරසිංහ මහතා වන අතර මෝටර් රථ අංශයේ ධාවන වාර්තාව (2018 වසරේදී තැබූ වාර්තාව) මිට්සුබිෂි ඊවෝ පැදවූ අශාන් සිල්වා මහතා සතුය. මෙම වසරේ දී බිඳ දමනු ඇත්තේ මෙම ධාවන වාර්තාවන්ය. 2019 වසරේ 85 වන වරට පවත්වනු ලබන මහගස්තොට කඳු තරණ ධාවන තරග ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ 85 වන වසර සනිටුහන් කරනු ඇත. 

ලංකා මෝටර් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ පැරුණිතම ක්‍රීඩා සමාජය වන අතර එය 1934 දී ආරම්භ කර ඇත. සමාජය ආරම්භ කිරීම සනිටුහන් කර ඇත්තේ 1934 සැප්තැම්බර් 28 වන දින නුවරඑළියේ මහගස්තොට වතුයායේ පැවැත්වූ කඳු තරණ මෝටර් ධාවන තරගයකිනි. එම ප‍්‍රතාපවත් ආරම්භයේ සිට අද දක්වාම මෙම වාර්තාගත ධාවන තරගය අඛණ්ඩව පවත්වා ඇත. දුෂ්කර ගිරි දුර්ග මාර්ගයක රිය පැදවීමේදී තිබිය යුතු මානසික ඒකාග‍්‍රතාවය සහ ධාවන නිපුණත්වය පරීක්‍ෂාකරන මහගස්තොට කඳු තරණ ධාවන තරගය මොටර් ධාවන තරග කරැවන්ට අතිශය තරගකාරී සහ මහත්  අභියෝගාත්මක තරගයක් ලෙස සලකනු ලැබේ. 

මාර්ගය මතුපිට සකස් කරමින්, දෙපස ගැටි බැම්ම සවිමත් කරමින් සහ ආරක්‍ෂිත වැට ඉදිකරමින් වසරින් වසර මෙම ධාවන මාර්ගය වැඩිදියුණු කිරීමට මෝටර් ක්‍රීඩා සමාජය පියවර ගෙන ඇත. වැඩි කාර්යක්‍ෂමතාවයකින් යුතුව වේලා සටහන් තැබීම TAG Hauer කාලසටහන් උපකරණ උසස් මට්ටමකට පත්කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ CAMS ආයතනයේ පුහුණව ලත් මාර්ෂල්වරුන් විසින් තරගය කිසිදු අඩුපාඩුවකින් තොරව නියමිත පරිදි ම පැවැත්වෙන බවට සනාථ කරනු ඇත.

 

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30