2019 මාර්තු 02 වන සෙනසුරාදා

පීපල්ස් ලීසිං සමාගම Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානයෙන් පිදුම් ලබයි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. තිරසාරත්වය වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් පුරවැසියන් ඇගයීමට ලංකා වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන Best Corporate Citizen Sustainability Awards සම්මාන උළෙලෙහි 15 වැන්න කතානායක, කරැ ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී  පැවැත්විණ. 

Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානය පිළිගැනීමට පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සබ්‍රි ඊබ‍්‍රහිම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී විය.

පීපල්ස් ලීසිං සමාගම Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානය දිනාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක/ සාමාන්‍යාධීකාරී, සබ්‍රි ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ආර්ථිකය, තිරසාරත්වය හා සමාජ ශුභසාධනය වෙනුවෙන් කැපවූ මෙරට ප‍්‍රමුඛකතම සමාගම් ඇගයීමට පවත්වන Best Corporate Citizen Sustainability Awards සම්මාන ප‍්‍රදානයේදී මෙරට ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට නැවත වරක් පීපල්ස් ලීසිං සමාගම එක්වීම අප සමාගමේ සියලු ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන් හා කාර්ය මණ්ඩලයට කදිම ශුභාරංචියක් වනු නොඅනුමානයි. මන්ද ඔවුන් සැම අත්වැල් බැඳගෙන සිටින්නේ රට වෙනුවෙන් බොහෝ කාර්යයක් ඉටු කරන දැවැන්ත සමාගමක් සමගය යන හැඟීම මෙමගින් වර්ධනය වෙනවා. එමෙන්ම දිනෙන් දින ඉදිරියට යන සමාගමක් බව මෙම වටිනා සම්මානය මගින් නැවත වරක් තහවුරැ කරනු ලැබුවා’ යන්නය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු Brand Finance Awards 2018  දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. 

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරැම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙයි.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ. 

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30