2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

SLIIT 2019 ජනවාරි ශිෂ්‍ය බඳවාගැනීම් අරඹයි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනය වන SLIIT, 2019 වසරේ ජනවාරි ශිෂ්‍ය බඳවාගැනීම් පිළිබඳව පසුගියදා නිවේදනය කළේය.

ජනවාරි ශිෂ්‍ය බඳවාගැනීම යටතේ පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, අධ්‍යාපන, වාස්තු විද්‍යා, මනෝ විද්‍යා, ප්‍රමාණ සමීක්ෂණ, නීති, හෙද සේවා, සංචාරක හා ආගන්තුක සත්කාර වැනි ක්ෂේත්‍ර රුසකට අදාළ උපාධි පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනේ.
සියලුම SLIIT උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබේ. තවද 2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පාදක කරගනිමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වාදීමට ද SLIIT පියවර ගෙන තිබීම කැපීපෙනේ.

SLIIT ප්‍රධාන විධායක නිලධාරී සහ උප කුලපති මහාචාර්ය ලලිත් ගමගේ අදහස් දක්වමින් මෙසේ පැවසීය. විද්‍යාර්ථයින්ගේ අනාගත වෘත්තීය ජීවිතය තීරණය කිරීමේදී උසස් අධ්‍යාපනය කියන්නේ ප්‍රධාන සාධකයක්. SLIIT ආයතනය වශයෙන් අපි සිසුන්ට අර්ථාන්විත අනාගතයක් වෙනුවෙන් තීරණාත්මක මඟපෙන්වීමක් සිදුකරනවා.

ඉහළම ප්‍රමිතීන් පවත්වාගනිමින් වෘත්තීයභාවය මෙන්ම ලෙන්ගතු බවින් පිරැණු පරිසරයක් තුළ ඉලක්කගත අධ්‍යාපනයක් සිසුන්ට හිමිකර දීම SLIIT හි විශේෂත්වයකි.

SLIIT හි අධ්‍යාපනය හැදෑරීමේදී සිසුන්ට අත්වන තවත් වාසියක් වන්නේ උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලොව උසස්ම විදෙස් විශ්වවිද්‍යාල කරා ඇතුළුවීමේ අවස්ථාවයි. SLIIT මගින් එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල ලොව පිළිගත් සරසවිවල උපාධි පාඨමාලා සිසුන්ට මෙරටදීම සමීප කර දී තිබේ. එවැනි විශ්වවිද්‍යාල සමඟ SLIIT ඇතිකරගෙන තිබෙන සහයෝගීතා ඔස්සේ එම උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීම වෙනුවෙන් අදාළ විදෙස් සරසවිය වෙත ඇතුළුවීමේ අවස්ථාව සිසුන්ට හිමිවෙයි.

SLIIT කැම්පස්, මධ්‍යස්ථාන හා SLIIT ප්‍රාදේශීය කාර්යාල මෙන්ම www.sliit.lk/apply වෙබ්අඩවිය හරහා ද උපාධි පාඨමාලා සඳහා වූ අයැදුම්පත්‍ර ලබාගත හැක. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර කළමනාකරැ - ශිෂ්‍ය බඳවාගැනීම්, SLIIT මාලබේ කැම්පස් යන ලිපිනයට එවිය යුතුය. එහිදී සුදුසුකම් ලබන සිසුන් කොළඹ, මාලබේ, මාතර, මහනුවර, කුරැණෑගල හා යාපනය SLIIT විභාග මධ්‍යස්ථානවලදී භාෂා තුනෙන්ම පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයට ද පෙනී සිටීමෙන් අනතුරැව බඳවාගැනීම් සිදුකෙරේ.

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30