2019 ජනවාරි 12 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් 50ට 50,000ක් තුරු වවමු මෙහෙයුම 18,000ක ඉලක්කයට ළඟාවෙයි

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

2021 වසරේදී එළඹෙන සිය ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් එල්.බී. ෆිනෑන්ස් ආයතනය 2018 සැප්තැම්බර් මසදී ආරම්භ කරන ලද 50ට 50,000ක් තුරු වවමු මෙහෙයුම මේ වනවිට සාර්ථක ලෙස දියත් වෙමින් පවතී. 2021 වසර වනවිට මිහිතලයට තිරසර අන්දමින් දායකත්වය ලබාදිය හැකි ශාක 50,000ක් දායාද කිරීම ඉලක්ක කර ගනිමින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදීම පැළ 18,000ක කඩයිම පසුකිරීමට සමත්ව සිටීම විශේෂත්වයකි.

නිබඳව ආර්ථික මෙන්ම සමාජ තිරසාරත්වය පිළිබඳව ද කැපවී කටයුතු කරන මෙරට ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් ලෙස එල්.බී. ෆිනෑන්ස් ආයතනය ගෝලීය උණුසුමට තිරසර පිළියමක් ලෙස ශාක වගාකිරීම සඳහා මෙරට පුරවැසියන් හට ආරාධනා කර සිටියේය. සම්ප්‍රදායික ප්‍රජා සත්කාරක වැඩසටහන්වලින් ඔබ්බට යමින් මෙරට මෙන්ම සමස්ත ලෝකයේත් උන්නතිය සඳහා සැබෑ ලෙස දායකත්වය ලබාදීම ඉලක්ක කර ගනිමින් තමන් වගා කරන පැළයේ ප්‍රගතිය තුරු ජංගම දුරකතන යෙදවුම හරහා ලොව පුරා පරිසර හිතකාමීන් සමඟ බෙදාහදා ගැනීමටද මෙරට ජනතාවට හැකිවේ. මෙම සද් කාර්යය සඳහා දායකත්වය ලබාදෙන මෙරට පුරවැසියන් හට එල්.බී. ෆිනෑන්ස් ස්ථාවර තැන්පතු තුළින් අමතර පොලියක් පිරිනැමීමටද එම ආයතනය මෙම වැඩසටහන හරහා කටයුතු කරයි.

මෙරට ජනතාවගේත් සමස්ත පරිසරයේත් තිරසාරත්වය තහවුරු කිරීම සඳහා එල්.බී. ෆිනෑන්ස් ආයතනය දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් සමස්ත ලංකා ස්වාධීන මාධ්‍යවේදී සංගමය විසින් සංවිධානය කරනු ලබන 2018 ජනාභිමානී ගෞරව උත්තම සේවා සම්මානයෙන් ද එම ආයතනය මෑතකදී පිදුම් ලැබීය. ඉතා කෙටි කලක් තුළ අපේක්ෂිත මට්ටමද අභිබවා යමින් 50ට 50,000ක් තුරු වවමු මෙහෙයුම ලද සාර්ථකත්වය, එල්.බී. ෆිනෑන්ස් යනු කියන දේ කරන - කරන දේ කියන සැබෑ මානව හිතවාදී ආයතනයක් බවට තවදුරටත් තහවුරු කරයි. මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වෙමින් සමස්ත මිහිතලයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබාදෙන මෙන් එල්.බී. ෆිනෑන්ස් ආයතනය මෙරට සියලු පුරවැසියන්ට ආරාධනා කරයි.

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30