2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

South Asia Gateway Terminal සමාගමට මොබිටෙල් මෙහෙයුම් සේවා

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන Mobitel සමාගම ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකාරී ප‍්‍රමුඛ බහාලුම් පර්යන්ත මෙහෙයුම්කරැවකු වන South Asia Gateway Terminal (Pvt) Ltd (SAGT) විසින් සිය විශ්වසනීය තීරණාත්මක මෙහෙයුම් සන්නිවේදන (Mission Critical Communications) සේවා සම්පාදකයා ලෙස තෝරා ගනු ලැබ ඇත. SAGT සමාගමේ එකම තාක්ෂණික හවුල්කරැවා ලෙස කටයුතු කරන නමුත් මෙම සහයෝගිතාව Mobitel වඩාත් වැදගත් වන්නේ මෙය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රථම සුරක්ෂිත තීරණාත්මක මෙහෙයුම් සන්නිවේදන ජාලය නිසයි. පද්ධතිය සැලසුම්කොට ක‍්‍රියාත්මක කිරීමෙන් පසුව වර්තමානයේ දී SAGT සමාගම වෙනුවෙන් එය පවත්වාගෙන යනු ලබන්නේ Mobitel විසිනි.

Mobitel මෙම උද්‍යෝගිමත් හවුල්කාරීත්වයේ කොටසක් ලෙස SAGT සමාගම වරාය තුළ සිදුකරන තීරණාත්මක මෙහෙයුම් සන්නිවේදන කටයුතුවලට ගැළපෙන පරිදි සුප‍්‍රකට LTE තාක්ෂණය පදනම් කර ගෙන සන්නිවේදන පද්ධතියක් සම්පාදනය කර ඇත. SAGT සමාගම ලෝක ප‍්‍රකට 3GPP ප‍්‍රමිතිගත LTE තාක්ෂණය යොදා ගැනීමෙන් සැලසෙන ප‍්‍රතිලාභ භුක්ති විඳින බව Mobitel එමගින් සහතික කළේ ය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස SAGT සමාගමට අත්වන ප‍්‍රතිලාභවලින් කිහිපයක් ලෙස සැලකිය යුතු අඩු මිල ගණන් යටතේ දැවැන්ත වෙළඳපොළ මෙවලමක සේවය ලබාගත හැකිවීම, ජාලයට ගුවන් විදුලි තරංගවලින් බාධා නොවන බව සහතික කරන හා බලපත‍්‍ර සහිත සහ ජාලයේ ආරක්ෂාව හා සන්නිවේදනයේ සුරක්ෂිතතාව සහතික කර ඇති තරංග ආයාමයක් උපයෝගී කර ගත හැකි වීම සහ Mobitel සමාගමේ 25 වසරක මෙහෙයුම් අත්දැකීම්වලින් ප‍්‍රයෝජන ලැබිය හැකිවීම දැක්විය හැකි ය.

නවෝත්පාදකයෙකු ලෙස සහ ජාතික ජංගම දුරකථන සේවා ජාලය ලෙස ක්ෂේත‍්‍රය තුළ ස්ථාවරව තහවුරු වීමට සමත්ව ඇති Mobitel ශ‍්‍රී ලංකාවේ තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ පරිවර්තනයන්හි පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටී. Mobitel සිය ක‍්‍රමෝපායාත්මක ගමන් මග දිගේ නොනැවතී පැමිණ ඇති ගමන කොතරම් ප‍්‍රබලද යන කරුණ SAGT සමාගම සඳහා එය විසින් සම්පාදනය කරනු ලැබ ඇති විසඳුමෙන් වඩාත් පැහැදිලි වේ. LTE තාක්ෂණය උපයෝගී කරගෙන සැපයෙන තීරණාත්මක මෙහෙයුම් සේවාවන් සුරක්ෂිත බව සහතික කිරීම සඳහා Mobitel සමාගමට වරායේ භූගෝලීය සීමාව ඇතුළත එම සේවාවේ විශ්වසනීයත්වය උපරිම කිරීමට සිදුවූ අතර තීරණාත්මක මෙහෙයුම් සේවාවන් සඳහා අත්‍යවශ්‍ය වන හෙයින් ඇති විය හැකි අදෘශමාන බාධාවන් අවම කිරීම සඳහා කලාප පළල (bandwidth) වැඩි කිරීමට හා ජාලය නැවත සැලසුම් කිරීමට ද සිදුවිය.

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන Mobitel ඉහත කී තාක්ෂණය සිය ක‍්‍රමෝපායාත්මක සංවිධානීය රාමුවට එක්කර ගනිමින් සමාගම පාරිභෝගිකයන්ට ලබාදී ඇති ඔබ සමගයි සැමදා ප‍්‍රතිඥාවද ඉෂ්ට කර ඇත. Mobitel සතු ලොවපුරා සම්භාවනාවට පාත‍්‍ර වී ඇති LTE ජාලය ඒ ඒ සමායතනවල අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නවෝත්පාදක ආකාරයෙන් මෙලෙස ගළපා ගැනීමට සමත් වීම නිසා Mobitel සමාගමේ අසමසම සේවා විශ්වසනීයත්වය කරන කොට ගෙන වරාය මෙහෙයුම්වල ඵලදායිතාව වැඩි වී ඇත.

LTE තාක්ෂණය පදනම් කරගෙන SAGT සමාගමට ගැළපෙන පරිදි මෙම විසඳුම සම්පාදනය කරන ලද්දේ Mobitel සමාගමේ අංශයක් වන, ව්‍යාපාරික විසඳුම් සඳහා ම කැප කෙරුණු Mobitel Business Solutions (MBS) අංශය විසිනි. එම අංශය නිර්මාණය කරන ලද්දේ උපරිම ව්‍යාපාරික හැකියාව සාක්ෂාත් කරගත හැකිවන පරිදි ජංගම දුරකථන තාක්ෂණය යොදාගනිමින් සමායතනික සේවාදායකයන්ට අසමසම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදනය කිරීම සඳහාය. දුරකථන අංක 0711 717171 මගින් හෝ mbs@mobitel.lk විද්‍යුත් තැපෑලෙන් MBS අංශය ඇමතිය හැකිය.