2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

Mobitel 4.5G/4G-LTE ජාලය Citibank සමඟ පුළුල් වෙයි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන මොබිටෙල් ශ‍්‍රී ලංකාව තුළ විශාලතම හා වැදගත්ම 4.5G/4G-LTE ජාල ව්‍යාප්තිය සඳහා මුල පුරා ඇත. මෙය සිටිබෑන්ක් මූල්‍ය පහසුකම් ලබා ගෙන අරමුදල් සම්පාදනය කරමින් ජාල යටිතල පහසුකම් සම්බන්ධයෙන් කෙරෙන විශාලතම ආයෝජනයයි.

මොබිටෙල් දිවයිනේ 4.5G/4G-LTE ආවරණය පුළුල් කර ශ‍්‍රී ලංකාවේ අංක 1 High-Speed Mobile Broadband සේවා සම්පාදකයා ලෙස මේ වන විට සමාගම හිමි කර ගෙන සිටින තත්ත්වය තව දුරටත් ශක්තිමත් කර ගනු ඇත. තවද 2017 වසරේ දී ලොව පුරා ගෞරවයට පාත‍්‍රව තිබෙන Ookla® Speed Test Award සම්මානය දිනා ගත්තේය. මොබිටෙල් යනු දකුණු ආසියාව තුළ 4.5G/4G-LTE තාක්ෂණය වාණිජමය වශයෙන් යොදා ගත් ප‍්‍රථම සමාගමයි. සිය පාරිභෝගිකයන්ට 4.5G/4G+, NB-IoT (Narrow Band Internet of Things) සේවාවන් යටතේ වඩාත් පුළුල් ආවරණයක් සම්පාදනය කරමින් සහ ජාලය වඩාත් වේගවත් කිරීම සඳහා NFV/SDN තාක්ෂණය හා ඊළඟ පරම්පරාවේ අවශ්‍යතා සඳහා යොදා ගෙන නුදුරු අනාගතයේ දී පහසුවෙන් 5G තාක්ෂණය යොදා ගත හැකි වන පරිදි සිය ජාලය නවීකරණය කරමින් ශ‍්‍රී ලංකාව තාක්ෂණික නායකත්වයේ පෙරමුණෙහිම ස්ථානගත කරන වැඩි දියුණු කිරීම් ද ජාලය පුළුල් කිරීම සඳහා මේ වන විට ගනිමින් සිටින පියවර අතරට ඇතුළත් වේ.

මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා මෙසේ පැවසීය. &මොබිටෙල් ගෝලීය ප‍්‍රමිතීන් අනුගමනය කර ශ‍්‍රී ලංකාවට නවතම ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දෙමින් ජාලය ව්‍යාප්ත කිරීම සඳහා ආයෝජනයන් කිරීමට කැප වී සිටිනවා. 4.5G තාක්ෂණය අවසානයේ 5 G තාක්ෂණය වෙත ළඟා වීම සඳහා ඉවහල් වේවි. ඒ වගේම HD Voice (MP3 මට්ටමේ ගුණාත්මකත්වය සහිත) Ultra HD Entertainment, Ultra Dense Sensor Networks, AR/VR පදනම් කර ගත් Advanced Gaming, LTE පදනම් කර ගත් බ්‍රෝඩ්බෑන්ඩ් පද්ධති trucking වැනි වඩාත් දත්ත සූක්ෂ්ම මෘදුකාංග හැසිරවීම සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙමින් මේ වන විට පවත්නා මොබිටෙල් 4 G ජාලයේ වැදගත් වැඩි දියුණු කිරීම් සිදු කරනවා. අපි වඩාත්ම වේගවත් පුළුල් කිරීම් සමහරක් සිදු කරමින් අපේ නායකත්ව තත්ත්වය අඛණ්ඩව පවත්වා ගෙන යන අතර අපේ වෙළෙඳපොළ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා දිගින් දිගටම එවැනි පුළුල් කිරීම් සිදු කරනවා.

මොබිටෙල් සමාගම ජාලය පුළුල් කිරීමට ආයෝජනය කිරීම සඳහා සිටිබෑන්ක් සමඟ ඇති කරගෙන තිබෙන හවුල්කාරිත්වය මොබිටෙල් අනාගත සැලසුම් සඳහා ඉතාම වැදගත් වේ. මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ සිටිබෑන්ක් දේශීය නිලධාරි රවීන් බස්නායක මහතා මෙසේ පැවසුවේය. 

කඩිනමින් ජාලය ව්‍යාප්ත කිරීම සඳහා මොබිටෙල් සමාගම දරන පරිශ‍්‍රමය දී එය සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට හැකි වීම අපට ලොකු සතුටක්. කලාපය තුළ තාක්ෂණික නායකත්ව තත්ත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා මොබිටෙල් සමාගමට තිබෙන අභිලාෂයට සහාය වීම සඳහා සිටිබෑන්ක් මූල්‍ය ප‍්‍රවීණතාව දායක කරන්න අවස්ථාව ලැබීම අපට ගෞරවයක්. ක්ෂේත‍්‍රය පරිවර්තනයකට ලක්කිරීම සඳහා කරන වැඩ කටයුතුවලදී මොබිටෙල් සමඟ එක්ව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.