2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් කඳාන සහ මාලබේට යයි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා එල්.බී. ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාවන් කිහිපයක්ම පසුගිය දින වල අභිනවයෙන් විවෘත කෙරුණු අතර, එල්.බී. ෆිනෑන්ස් ශාඛා දෙකක් නව පරිශ්‍රයන් වෙතද ගෙන යන ලදී. කඳාන ශාඛාව නො.39, කොළඹ පාර, කඳාන යන ස්ථානයේ විවෘත කළ අතර, මාලබේ ශාඛාව 835/2A, තලංගම උතුර, මාලබේ යන ස්ථානයේ කටයුතු අරඹන ලදී.

පාරිභෝගිකයන් සඳහා ගුණාත්මක සේවාවක් සපයමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කරගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය පුළුල් කරමින් දීපව්‍යාප්ත සේවාවක් සැපයීම සඳහා විවෘත කරන ලද කඳාන ශාඛාව එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒන්ස්ලි මෝතා මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාලන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරැණු අතර, මාලබේ ශාඛාව එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි විධායක අධ්‍යක්ෂ රවි යටවර මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාලන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. එමෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, එල්.බී. ෆිනෑන්ස් කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීහුද මේ සඳහා සහභාගී වූහ.

වසර 47කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛා විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, අධ්‍යාපනික ණය, දේපල ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරැම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රුසක් ජනතාවට ලබාදෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජන හදවත්වලට ක්‍රමයෙන් සමීප වෙමින් උසස් සේවාවක් සහ නොබිඳෙන විශ්වාසයක් ගොඩනගා ගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම ඉදිරියේදීත් පාරිභෝගික ඔබට වඩාත් සමීප උසස් සේවාවක් සැපයීම සඳහා බලාපොරොත්තු වෙයි.