2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරි/ පාලිත ගමගේ වැඩ භාරගනී

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

ශ‍්‍රි ලංකාවේ ප‍්‍රමුඛතම නිවාස බැංකුවක් වන HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරි/ ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස පාලිත ගමගේ මහතා පත්ව සිටී. බැංකු ක්ෂේත‍්‍රයේ වසර 30කට වැඩි කාලයක පළපුරුදු සහිත ඒ මහතා පසුගියදා කොළඹ 02 සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත පිහිටි HDFC බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී වැඩ භාරගත්තේය.

ගමගේ මහතා සිය වෘත්තීය බැංකු දිවිය ආරම්භකොට ඇත්තේ 1987 වසරේ DFCC  බැංකුවට සම්බන්ධ වීමෙනි. ඒ මහතා එයට පෙර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කර ඇත. DFCC බැංකුවෙහි අංශ ගණනාවක ඉහළ කළමණාකාරිත්ව තනතුරු දරා ඇති ඒ මහතා DFCC වර්ධන බැංකුවෙහි ආයතනික ණය ප‍්‍රධානී ලෙසද කටයුතු කොට ඇත.

ගමගේ මහතා HDFC බැංකුව හා සම්බන්ධ වන විට DFCC බැංකුවේ විධායක උප සභාපති ඒකාබද්ධ අවදානම් කළමණාකරණ ලෙස කටයුතු කර ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරි/ ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස පාලිත ගමගේ මහතා වැඩ භාරගත් අවස්ථාවයි. HDFC බැංකුවේ සභාපති ආර්. රේ. ද සිල්වා, හිටපු සාමාන්‍යාධිකාරි/ ප‍්‍රධාන විධායක නිලධාරී එස්. දිසානායක හා  ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්.කේ. නම්බියාරූරන් මහත්වරුන් ද මෙහි සිටී.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00