2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් අ.පො.ස. සා/පෙළ සම්මන්ත්‍රණ මාලාව හයවැනි වරටත්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

එල්.බී. ෆිනෑන්ස් ආයතනය විසින් සෑම වර්ෂයකම පවත්වන “සිසු ශක්ති” අ.පො.ස. සා/පෙළ සම්මන්ත්‍රණ මාලාව පැවැත් වුණේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000කට අධික ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමිනි. එල්.බී. ෆිනෑන්ස්, ආයතනික සමාජ වගකීම මැනවින් වටහා ගනිමින්, කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා සංගමය සමඟ එක්ව අ.පො.ස. සා/පෙළ විභාගය අරමුණු කරගනිමින් රටේ පහසුකම් අඩු ස්ථාන හඳුනාගෙන 2013 වසරේ සිට ක්‍රියාත්මක කරන සම්මන්ත්‍රණ මාලාව, මෙම වසරේ සම්මන්ත්‍රණ දහසක් මහියංගන සහ වියළුව අධයාපනික කලාපවල ක්‍රියාවට නංවන ලදී.

මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ අඩුපහසුකම් සමඟ අධ්‍යාපනය ලැබීමට වෙරදරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අ.පො.ස. / සා.පෙළ ඉහළින් සමත් වන්නට උපකාරයක් වීම සඳහාය. මෙම සම්මන්ත්‍රණ මාලාව තුළින් ගණිත හා විද්‍යා විෂයන් ආවරණය වන පරිදි අ.පො.ස. සා/පෙළ විභාගය කේන්ද්‍ර කොටගනිමින් ගණිත සහ විද්‍යා විෂය කරුණු, කෙටි ක්‍රම, විභාග රහස් සහ විභාගයට මුහුණ දිය යුතු ආකාරය පෙන්වන ලදි. මෙමගින් මෙම ප්‍රදේශවල වෙසෙන දරු දැරියන්ට විභාගයට සාර්ථකව මුහුණ දී තම උසස් අධ්‍යාපනය මෙන්ම ඉදිරි ජීවිතය ද සාර්ථක කර ගැනීමට රුකුලක් වන බවට නොඅනුමානය. එල්.බී. ෆිනෑන්ස් ආයතනය මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ආදර්ශ ප්‍රශ්න පත්තර මෙන්ම පසුගිය වසරවල ප්‍රශ්න පත්තර ද ලබා දෙන ලදී.

සම්මන්ත්‍රණ මාලාව පිළිබඳ අදහස් දක්වමි එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා “මෙම සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රධාන අරමුණවන්නේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ විභාගවලට සාර්ථකව මුහුණ දී එමගින් ඉහළ ප්‍රතිඵල ලබාගැනීමයි. එලෙසෙම විෂය දැනුම ඉහළ නැංවීම පමණක් නොව ඔවුන් ඉදිරි අනාගතයේ අභියෝගයන්ට මුහුණ දීමට ශක්තියක් ලබාදීමත්, එමඟින් ඔවුන් සතු කුසලතා ඔප්නංවමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටයන් බවට පත්වීමටත් සහාය වෙනවා.” යැයි කීය.

මූල්‍ය ශ්‍රේෂ්ත්‍රයේ දැවැන්තයකු වන එල්.බී. ෆිනෑන්ස් ආයතනය ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතාවලදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර, ආයතනික සමාජ වගකීම් ද නොපිරිහෙලා කටයුතු කරන්නේ වසර ගණනාවක් සිටය. තම පාරිභෝගිකයන්ට පමණක් නොව සමාජයේ සියලු දෙනාගේ ජීවන තත්ත්වය උසස් කිරීම තම සමාජීය මෙහෙවරක් ලෙස සලකන එල්.බී. ෆිනෑන්ස් සමාගම මෙවන් වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.