2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ශනිදා වාසනාවේ කෝටි හතරේ වාසනාවන්තයා තෑගි ලබයි

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

පායන හිරු මෙන් විශ්වාස ශනිදා වාසනාවේ කෝටි හතර ඉක්මවූ ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයාට හිමි මුදල් ත්‍යාග ප‍්‍රදානය පසුගියදා සිදුවිය. ශනිදා වාසනාව 3048 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රු.4,78,56,790 ක මුදල දිනා ගත් ජාඇල කේ. ඒ. ඒ. ජේ. පී පෙරේරා මහත්මියට එම චෙක්පත පිරිනමන ලදී. එම ජයග‍්‍රාහී ලොතරැයිපත අලෙවි කළ කපුවත්ත අලෙවි නියෝජිත ඊ. පී. ඒ. එස්. ජේ. ඒ. ප‍්‍රනාන්දු මහතාට ද මෙහිදී  ත්‍යාග හිමිවිය. 

අදාළ චෙක්පත් පසුගිය ජූලි 09 වැනි දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්. ආර්. විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

තවද දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග‍්‍රාහකයන් 17 දෙනකු සදහා ද අදාළ චෙක්පත් ප‍්‍රදානය ද එදින සිදුවිය.

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා වර්තමානයේ අඛණ්ඩව බිහිවන කෝටිපති ජයග‍්‍රාහකයන් අතරට ඔබටත් එක්විය හැකි බව මෙම අවස්ථාවේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළමනාකාරීත්වය සිහිපත් කර සිටියේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00