2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

Huwaei Nova 3 ස්මාර්ට්ෆෝන් දැන් ශ‍්‍රී ලංකාවේ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

ශ‍්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huwaei සිය නවතම Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීම කොළඹ දී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා Huwaei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානි පීටර් ලියු, සිංගර් ශ‍්‍රී ලංකා පීඑල්සී හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්,  ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේවර්ධන, වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ජගත් පෙරේරා මෙන්ම ඩයලොග් හි උපාංග ව්‍යාපාර අංශයේ ප‍්‍රධානි (ජංගම සන්නිවේදන) අයෝමාල් ගුණසේකර, මොබිටෙල් හි දත්ත උපාංග හා ව්‍යාපාර උපායමාර්ගික ජ්‍යෙෂ්ඨ කළමනාකාර යසිරැ අබේගුණවර්ධන මහත්වරු සහ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ. තවද මෙම අවස්ථාව සඳහා ජනප‍්‍රිය කලාකරැවන් වන රයිනි චාරුකා ගුණතිලක, ටෙහාන් පෙරේරා සහ නව පරපුරේ රංගන ශිල්පිනී සහ නිරූපන ශිල්පිනී ඕෂධී හිමාෂා ද එක්ව සිටියහ.

සිය පාරිභෝගිකයින්ගේ ජීවිත වඩාත් පහසු කරමින් Huwaei විසින් ප‍්‍රථම වරට AI quad-camera සහිත හඳුන්වා දෙන Nova3 කාණ්ඩයට Nova3 සහ Nova3i ලෙස ස්මාර්ට්ෆෝන් දෙකක් අයත් වෙයි. මෙම ස්මාර්ට්ෆෝන් දෙකෙහිම ඉදිරිපස කැමරා ද්විත්වය 24MP සහ 2MP ලෙස සකසා තිබේ. මෙහි ප‍්‍රථම කැමරාව ඡායාරූප සහ වීඩියෝ සුපැහැදිලිව ඡායාරූප ගත කරන අතර දෙවන කැමරාව විසින් ති‍්‍රමාණව පිංතූරය ඡායාරූපගත කිරීමට පහසුකම් සපයයි. මෙම කැමරා දෙකෙහි ඇති සෙන්සර් එක් ඉලක්කයකට කටයුතු කිරීම මගින් මනුෂ්‍ය ඇහැකට සමාන තාක්ෂණික ක‍්‍රියාවලියක නිරත වෙමින් උසස්ම තත්ත්වයේ ඡායාරූපයක් ලබාදෙයි.

Huwaei Nova3 ස්මාර්ට්ෆෝන් වල පසුපස කැමරාව 24MP monochrome කැමරාවක් වන අතර dual f/1.8 wide aperture 6p සමග 16MP RGB sensor සහිතව නිමවා ඇත. මේ නිසා අඳුර සහිත අවම ආලෝක තත්වයක් යටතේ වුව උසස් තත්ත්වයේ ඡායාරූපයක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි. Huwaei Nova3 හි බලසම්පන්න පසුපස කැමරා ද්විත්වය 16MP primary sensor සහ 2MP secondary sensor පහසුකම්වලින් යුක්ත වෙයි. මෙමගින් වඩා සුපහැදිලි සවිස්තරාත්මක ඡායාරූප ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර ඡායාරූපකරණයේදී ගැඹුර පිළිබඳ තොරතුරු ලබාගන්නා බැවින් වෘත්තිමය bokeh effect ලබාදෙන අතර මෙමගින් ස්වාභාවික තත්වයෙන් යුත් ඡායාරූපයක් ලබා දෙයි. 

Huwaei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ Huwaei Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීම තුළින් ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ විස්මිත බව අත්හදා බැලීමට ඇරයුම් කරන බවයි. මෙම කාණ්ඩය සමග හඳුන්වා දෙන සුපිරි AI තාක්ෂණය පාරිභෝගිකයාගේ ආකර්ෂණයට ලක්වනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළ කළේය. සුපිරි නවීන තාක්ෂණය සහිතව එන මෙම ස්මාර්ට්ෆෝන් තරුණ පරපුර ඉලක්ක කරගනිමින් හඳුන්වාදෙන බවද හෙතෙම  මෙහිදී වැඩිදුරටත් කීය.