2018 ජුලි 21 වන සෙනසුරාදා

Huawei Y Series ශ‍්‍රී ලංකාවේ වාර්තාගත අලෙවියක්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

ශ‍්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට් ෆෝන් සන්නාමය වන Huawei විසින් පසුගියදා හඳුන්වාදුන් Huawei Y Series ස්මාර්ට් ෆෝන් පෙළ ඉහළ ඉල්ලුමක් වාර්තා  කරමින් නව අලෙවි වාර්තා පිහිටුවයි. Huawei Y5 Prime” Y7 Pro සහ Y9 යන ස්මාර්ට් ෆෝන් පෙළ පාරිභෝගිකයන් අතර අතිශය ජනප‍්‍රියත්ව යටපත්වීම තුළින් මෙලෙස අලෙවි වාර්තා පිහිටුවා ඇති බව සමාගම විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

ස්මාර්ට් ෆෝනයකින් අපේක්ෂා කරන සෑම පහසුකමකින්ම සමන්විත මෙම ස්මාර්ට් ෆෝන් පෙළ  පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිපදවා තිබේ. මෙම Huawei Y Series හඳුන්වා දුන් අවස්ථාවේ සිටම ඒ සඳහා වැඩි පාරිභෝගික අවධානයක් යොමුවී තිබේ. Y5 Prime” Y7 Pro සහ Y9 sport යන ස්මාර්ට් ෆෝන් Huaweiහි නවතම 18.9 පුළුල් සම්පූර්ණ තිරයකින් යුක්තව හඳුන්වා දී ඇති නිසා පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් පුරා පැතිරුණු තිරයක අත්දැකීමක් මෙමගින් තිළිණ කරයි. Y7 Pro සහ Y9 නවතම Android 8 Oreo මෙහෙයුම් පද්ධතියකින් සමන්විත අතර Y5 Prime ස්මාර්ට් ෆෝනය Android Oreo 8.1.0 මෙහෙයුම් පද්ධතියකින් සමන්විතය.

Huawei ස්මාර්ට් ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ  මේ  වසරේ දියත් කළ Huawei Y Series ස්මාර්ට් ෆෝන් ශ‍්‍රී ලංකා වෙළඳපොළ තුළ අතිශය සාර්ථකත්වයට පත්වීම පිළිබඳව සිය සතුට පළකරන බවයි. මෙම HuaweiY Series හි ස්මාර්ට් ෆෝන්වල බැටරිය 3020mAhiy  4000mAh ධාරිතාවකින් යුක්ත වීම නිසා සහ සිම්පත් දෙකක් භාවිත කිරීමේ හැකියාව මෙන්ම ඉදිරිපස හා පසුපස කැමරා සහ Power saving තාක්ෂණය යනාදිය තුළින් මෙම ස්මාර්ට් ෆෝනය මෙරට පාරිභෝගිකයාට ගැලපෙන ස්මාර්ට් ෆෝනයක් බවට පත්වීම පාරිභෝගිකයා අතර මෙය ජනප‍්‍රිය වීමට බලපා ඇති බව පීටර් ලියු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතරින් Y5 Prime නැමති මූලික මට්ටමේ ස්මාර්ට් ෆෝනය කළු සහ රන්වන් පැහැයන්ගෙන් මිලට ගත හැකි අතර යොවුන් පාරිභෝගිකයන් අතර මහත් ජනප‍්‍රියතාවක් උසුලයි. එම පාරසයේ අනිකුත් ස්මාර්ට් ෆෝනයක දක්නට නැති සුවිශේෂි ලක්ෂණ රැසක් මෙහි අන්තර්ගත අතර ඒ අතරින් පුළුල් සම්පූර්ණ තිරය ප‍්‍රධාන තැනක් ගනියි. එමෙන්ම 13MP පසුපස කැමරාව සහ  5MP ඉදිරිපස කැමරාව මෙහි ඇති තවත් විශේෂත්වයක් වන අතර ෆ්ලෑෂ් පහසුකම නිසා සෙල්ෆි ඡායාරූප ගැනීම වඩා පහසු කරවයි.  සිම් කාඩ්පත් දෙකක් සහ මයික්‍රො SD (256 GB) දක්වා වර්ධනය කළහැකි කාඩ්පත් ආදී කාඩ්පත් 3ක් එකවර භාවිත කළ හැකි මෙම ස්මාර්ට් ෆෝනය අතේ රුගෙන යාමේ පහසුව ඇතිව නිපදවා තිබේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00