2018 ජුලි 14 වන සෙනසුරාදා

දකුණු පළාතේ පීපල්ස් ලීසිං පාසල් රිය නියාමක දරුවන්ට සහයෝගයක්

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 334

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පොලිස් රථවාහන මූලස්ථානය, සමග එක්ව පවත්වන ‘තිරසර පාසල් වැඩසටහන - මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතියෙහි’ තවත් වැඩසටහන් 5ක් පීපල්ස් ලීසිං හම්බන්තොට, තංගල්ල, අකුරැස්ස, ගාල්ල හා මාතර ශාඛාවල දායකත්වයෙන් හම්බන්තොට සුචී ජාතික පාසල, තංගල්ල ජාතික පිරිමි විද්‍යාලය, අකුරැස්ස මහා විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණ. දීපව්‍යාප්තව පාසල් මාර්ග ආරක්ෂණ කමිටු සවිබල ගන්වන මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කෙරේ. තංගල්ල, අකුරැස්ස, ගාල්ල හා මාතර අධ්‍යාපන කලාප නියෝජනය කරමින් තෝරාගත් පාසල් 127ක රිය නියාමක සිසු සිසුවියන් 1937ක් මෙම වැඩසටහනට සහභාගී වූහ. මෙම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ විධායක නිලධාරිනී සහ මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක නිමාලී බණ්ඩාර, හම්බන්තොට දිස්ති‍්‍රක්කය භාර සහකාර පොලිස් අධිකාරී, සනත් අමරසිංහ, හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක, පි‍්‍රයන්ත අබේසිංහ, රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක, රූපසිරි හේවාමාන යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, මෙහිදී පාසල්වලට රිය නියාමන කට්ටල පරිත්‍යාගකිරීමක්ද සිදුවිය.

මෙම මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනේදී මාර්ග සලකුණු හා සංඥා පිළිබඳව දැනුවත්කිරීම සහ මාර්ග අනතුරකට ලක්වූවකුට ලබාදිය යුතු ප‍්‍රථමාධාර ක‍්‍රම පිළිබඳව දැනුවත්කිරීම සිදු කරන ලදී. එසේම පාසල් රිය නියාමන කමිටු සවිබල ගැන්වීම සඳහා ආරක්ෂක කේතු, ආරක්ෂක ජැකට්ටු ඇතුළු උපකරණ රැසක් සහභාගී වූ පාසල් වෙත පරිත්‍යාග කරන ලදී. 

එමෙන්ම රිය අනතුරු වළක්වාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රථවාහන පොලීසියේ නිල නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වීදි නාට්‍ය වැඩසටහන මෙම අවස්ථාවට සහභාගී පාසල් දරුවන්ගේ විශේෂ අවධානයට ලක්විය.

මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වූ පීපල්ස් ලීසිං හම්බන්තොට ශාඛාවේ කළමනාකරු, මධූක මුහන්දිරම් මහතා පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ වගකීම් සහිත සමාගම් පුරවැසියෙකු ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ පීපල්ස් ලීසිං මෙම සමාජ සත්කාරකයන්හි 2016 වසරේ සිටම නිරතවන සමාගමක්. මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත්කිරීමේ මෙම වැඩසටහනෙන් රිය අනතුරැ අවමකිරීමට මෙහෙයක් අපෙන් සිදුවූවා යැයි මා සිතනවා’ යන්නය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට අඛණ්ඩව 14 වසරක් පුරාවට මෙරට ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස පිළිගැනීමකට ලක්වී ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00