2018 ජුනි 30 වන සෙනසුරාදා

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන  සංවර්ධන ලොතරුයි මණ්ඩලයෙහි සාමාන්‍යාධිකාරී ධූරය සඳහා සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) අනුර ජයරත්න මහතා 2018 ජූනි මස 20 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පත් කර ඇත. අදාළ පත් වීමේ ලිපිය සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා විසින් 2018 ජූනි 22 වැනි දින පෙරවරුවේදී ලබා දෙන ලදි.

අනුර ජයරත්න මහතා වසර 15ක කාලයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (අලෙවි) ලෙස කටයුතු කර ඇති අතර මේ වන විට වසර 24ක අඛණ්ඩ සේවයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත ලබා දී ඇත. 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වයෙන් ප‍්‍රදානය කරන මහපොළ ශිෂ්‍යත්වය ලබමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ (විශේෂ) උපාධිය සම්පූර්ණ කළ අනුර ජයරත්න මහතා පුහුණු ක්ෂේත‍්‍ර නිලධාරියක් ලෙස සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සේවයට 1994 වර්ෂයේදී එක්විය. 

විශේෂයෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා විශාල කාර්ය දායකත්වයක් ලබා දෙන අනුර ජයරත්න මහතා වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස විවිධ අවස්ථාවන්හි කටයුතු කර ඇති අතර සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සියලු අංශයන් කෙරෙහි මනා පරිචයක් හා හසල දැනුමක් ඇත්තෙකි.

ලොතරැයි ව්‍යාපාරය පිළිබද දේශීයව හා විදේශීයව අත්දැකීම් රැසක් ලබා ඇති අනුර ජයරත්න මහතා සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ධූරය දක්වා උසස් වීම් ලද ප‍්‍රථම අභ්‍යන්තර නිලධාරියා වේ. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00