2018 ජුනි 23 වන සෙනසුරාදා

“කෝටියක් වටිනා අදහසක්” දෙවැනි අදියරේ ජයග්‍රාහකයාගෙන් නවෝත්පාදන නව ව්‍යාපාරයක්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

“ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසන් මහා තරගය පසුගියදා පවත්වන ලද අතර එහිදී පැහැදිලි ජයක් අත්පත් කර ගැනීමට, තරගයට ඉදිරිපත් කරන ලද අදහස් අතුරින් ඉතා සුවිශේෂී අදහසක් වූ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය පිළිබඳ ඉදිරිපත් කරන ලද නවෝත්පාදන අදහසට හැකියාව ලැබිණ. 

මොබිටෙල් විසින් මුල පුරන ලද සංකල්පයක් ලෙස ඇරඹි “කෝටියක් වටිනා අදහසක්” වැඩසටහන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට ඉදිරිපත් කරනු ලබන ව්‍යවසායකත්වය සහ තාක්‍ෂණය පදනම් කරගත් රියැලිටි රූපවාහිනී වැඩසටහනකි. එය නිෂ්පාදනය කරමින් විකාශය කරනු ලබන්නේ සිරස ටී.වී මාධ්‍ය ජාලයයි. “කෝටියක් වටිනා අදහසක්” රියැලිටි වැඩසටහනේ දෙවැනි අදියරේ තරගකරුවන් මෙහෙයවමින් උපදේශන ලබා දෙන ලද්දේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පිරිසක් විසින් වන අතර එම කටයුත්තේදී මෙම නව නිර්මාණකරුවන්ගේ අදහස් සැබෑ ලෙසම හඳුන්වාදිය හැකි නිෂ්පාදන, සේවා බවට පත්කරලීමේ ගමන්මඟ පිළිබඳව මෙන්ම එම අදහස්වල ඇති හැකියා මට්ටම්ද සලකා බලමින් සාර්ථක ආරම්භක ව්‍යාපාර ලෙස ඒවා වර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී. අවසන් වටයත් ඇතුළුව මෙම තරගයේ විවිධ අදියරයන් පැවති අතර ඒ සඳහා විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරන ලද්දේ විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් නියෝජනය කරනු ලබන, නිවැරදි මෙන්ම මධ්‍යස්ථ මතධාරී තීන්දු තීරණ ලබාදුන් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ආයෝජකයන්, ව්‍යවසායකයන් සහ ශාස්ත‍්‍රාලීය උගතුන් පිරිසක් විසිනි.

“කෝටියක් වටිනා අදහසක්” දෙවැනි අදියරේ ජයග‍්‍රාහකයා වූ සචිර ද සිල්වා විසින් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප‍්‍රතිචක‍්‍රීකරණ තාක්‍ෂණ පද්ධතියක් නව නිර්මාණය ලෙසින් ඉදිරිපත් කරන ලද අතර එය ආරම්භක ව්‍යාපාරයක් ලෙසින් දියත් කිරීමට කටයුතු කරනු ඇත.