2018 මැයි 26 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් දෙස් විදෙස් නවතම ශාඛා විවෘත වේ

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා එල්.බී. ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාවන් කිහිපයක්ම පසුගිය දින තුළ  දේශීය හා විදේශීය මට්ටමින් අභිනවයෙන් විවෘත කෙරුණි.

පසුගිය වසරේ මියන්මාර් බාගෝ කලාපයේ පි නගරයේ ප්‍රධාන ශාඛාව සාර්ථකව විවෘත කර දෙවැනි ශාඛාව පව්කන් නගර පරිශ්‍රයේදී පසුගිය දින විවෘත කරන ලදී. එම විවෘත කිරීමේ උත්සවය පැවැත්වුනේ ‍ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, එල්.බී.ෆිනෑන්ස් ආයතනයේ සේවක මඩුල්ල සහ ප්‍රදේශවාසීන්ගේද සහභාගීත්වයෙන්ය. එමෙන්ම දේශීය වශයෙන්ද එල්.බී ෆිනෑන්ස් ශාඛාවක් සහ සේවා මධ්‍යස්ථානයක් නව පරිශ්‍රයන් වෙත ගෙන යන  ලදීය. එල්.බී ෆිනෑන්ස් කටුගස්තොට ශාඛාව නො.153, මඩවල   පාර ,කටුගස්තොට යන ස්ථානයේ විවෘත කළ අතර, රත්මලාන සේවා මධ්‍යස්ථානය නො.11, කල්දෙමුල්ල පාර, මොරටුව යන ස්ථානයට ගෙන යන ලදී. රන් ණය සේවා පහසුකම් ලබා ගන්නා කොළඹ  අවට පාරිභෝගිකයන් සඳහාම වෙන්වුන (VIP Centre) සේවා මධ්‍යස්ථානයක් නො.676, ගාලු පාර, කොළඹ 3 එල්.බී ෆිනෑන්ස් නගර ශාඛා පරිශ්‍රයේදී විවෘත කරන ලදී.

පාරිභෝගික ඔබ සඳහා ගුණාත්මක සේවාවක් සපයමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත්  තහවුරු කරගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය පුළුල් කරමින් දීපව්‍යාප්ත සේවාවක් සැපයීම සඳහා විවෘත කරන ලද රත්මලාන සහ නගර ශාඛා සේවා මධ්‍යස්ථාන එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ඒන්ස්ලි මෝතා  මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර, කටුගස්තොට ශාඛාව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

වසර 46කට අධික අභිමානවත්  ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම තම පරිභෝගිකයින් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛා විවෘත කර තිබේ.