2018 මැයි 19 වන සෙනසුරාදා

LB Big Wheels මැයි 18 දා සිට නෙළුම් පොකුණේදී

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

මූල්‍ය ක්ෂේත්‍රයේ දිගු කාලයක් පුරාවටම තම කීර්තිනාමය පතුරුවන එල්.බී. ෆිනෑන්ස් ආයතනය, පුළුල් ලීසිං පහසුකම් සමඟින් හා නව්‍යකරණ මූල්‍ය විසඳුම් සමඟින් “LB Big Wheels රථවාහන දැක්ම 2018” සඳහා අනුග්‍රාහකත්වය දරනු ලබයි. ලොව ප්‍රමුඛ සන්නාමවලින් යුතු උසස් තත්ත්වයේ රථ වාහන රැසක් සමඟ රථවාහන දැක්ම මැයි 18, 19 සහ 20 යන දිනවලදී උදේ 10 සිට රාත්‍රී 10 දක්වා කොළඹ 07 නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන් විසින් මුල්වරට සංවිධානය කරනු ලබන රථවාහන දැක්ම සඳහා උසස් තත්ත්වයේ බ්‍රෑන්ඩ්නිව් සහ රිකන්ඩිෂන් රථවාහන රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය. 

කුඩා ප්‍රමාණයේ මෝටර් රථ, සුපිරි සොඩා රථ, සියලුම ප්‍රමාණවලින් SUV රථවලින් සමන්විත මෙම රථවාහන දැක්ම බලසම්පන්න ජීප් රථ සහ සුපර් කාර් රථ වලින්ද සමන්විතය. මෙම රථවාහන දැක්ම ප්‍රදර්ශන කුටි 35කින් පමණ සමන්විත වන අතර හයිබ්‍රිඩ් සහ විදුලි වාහන මෙන්ම බ්‍රෑන්ඩ්නිව්, රිකන්ඩිෂන් රථවාහන 200කට අධික  ප්‍රමාණයක් මේ යටතේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ. යුරෝපය, ජපානය, තායිලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නිෂ්පාදිත වාහන මෙලෙස මෙම රථවාහන දැක්ම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙරට රථවාහන ලෝලීන්ගේ විශ්වාසය දිනූ හොඳම තත්ත්වයේ පැරණි රථවාහන රැසක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

එල්.බී. ෆිනෑන්ස් ආයතනය රථවාහන පාරිභෝගිකයන් වෙත සුවිශේෂී වරප්‍රසාද රැසක් යටතේ වාහන මිලදී ගැනීම සඳහා පිරිනමන ලීසිං පහසුකම් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි. විශේෂයෙන්ම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන් හට වාහන මිලදී ගැනීමේදී හමුවන සියලුම ප්‍රශ්නවලට විසඳුම් සපයාදීමටත් තෙදින පුරාවට පමණක් වලංගු සුවිශේෂි දීමනා රැසක් ලබාදීමට එල් .බී .ෆිනෑන්ස් ආයතනය සැලසුම් කර ඇත.

රථවාහන දැක්ම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සභාපති රන්ජන් පීරිස් මහතා සඳහන් කළේ සිය සංගමය ප්‍රථමවරට LB Finance හා &LB Big Wheels රථවාහන දැක්ම 2018* සංවිධානය කරන බවත් එය වෙනත් රථවාහන ප්‍රදර්ශනවලට වඩා වෙනස් ආකාරයකට පැවැත්වීමට කටයුතු කරන බවටය.