2018 මැයි 12 වන සෙනසුරාදා

මොබිටෙල් Google I/O Extended Sri Lanka 2018 තාක්ෂණික වැඩමුළුව

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු මොබිටෙල් විසින් පවත්වන වසරේ දැවැන්තම තාක්‍ෂණික වැඩමුළුව වන Google I/O Extended මැයි 8 වැනිදා රත්මලාන Stein Studio සංකීර්ණයේදී පැවැත්විණි. මෙය, වාර්ෂිකව පැවැත්වෙන හෙයින් තාක්‍ෂණික ක්ෂේත‍්‍රය සමඟ සම්බන්ධ වී සිටින පිරිස ඉමහත් බලාපොරොත්තුවකින් මග බලා සිටිය වැඩසටහනක් වූ අතර ඔවුන් මෙම වැඩසටහන සමග එක්වූයේ තාක්‍ෂණික දැවැන්තයකු වන Google විසින් මෙම වසර තුළ පිරිනැමුණු විස්මිත තාක්‍ෂණික හඳුන්වාදීම් පිළිබඳව ද දැනුවත් වීම අරමුණු කරගනිමිනි. මෙම වැඩමුළුවේ සුවිශේෂීම අංගය වූයේ සුන්දර් පිචායි විසින් සිදුකළ ප‍්‍රධාන දේශනයයි. ඔහුගේ දේශනයේ තේමාව වූයේ Google විසින් හඳුන්වාඳුන් නවතම නිෂ්පාදන සහ නවෝත්පාදන ක‍්‍රමවේදයන් (Platform innovations) ය. 

මෙම වැඩමුළුව ඉතා විශිෂ්ට සාර්ථකත්වයක් හිමිකරගත් අතර මෙහි 2300කට අධික වර්ධකයින් (Developers) තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයින්, කාර්මික ක්ෂේත‍්‍ර නායකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ තාක්‍ෂණික නව නිර්මාණ බිහිකරන්නන් (Tech-savvy innovators) අතර ඉහළ ප‍්‍රශංසාවට ලක්විය. මෙම වැඩමුළුව ඉතා විශිෂ්ට අන්දමින් සැලසුම් කර තිබුණු අතර සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයේ සිට සජිවීව නව තාක්ෂණය හසුරුවන ආකාරයත්, දේශීය මට්ටමින් කිර්තිමත් දේශකයින් රැසක්ම පැමිණ සිටි පිරිසගේ දැනුම් සීමාමායිම් බිඳලමින් විවිධ තාක්‍ෂණයන් පිළිබඳ නවතම තොරතුරැ සහ දැනුම බෙදාගනු ලැබුවේ මුළු රැයක් පුරා ඔවුන් ප‍්‍රබෝධමත්ව තබමිනි.

මොබිටෙල් ඉතා සාඩම්බරයෙන් ඉදිරිපත්ව මෙම Google I/O වැඩසටහන ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීම වෙනුවෙන් සත්කාරකත්වය ලබා දුන් අතර පසුගිය වසර 5ක් පුරා දේශීය වර්ධකවරැන්ගේ සමූහ (developer community) සඳහා ප‍්‍රතිලාභ හිමිකර දෙමින් එම ක්ෂේත‍්‍රයට අවශ්‍ය ගෝලීය තාක්‍ෂණික දැනුම ලබා ගැනීම සඳහා වන ප‍්‍රවේශයන් බලගන්වන ලදී. මොබිටෙල් හි නිර්මාණශීලී සේවාවන් මගින් සන්නිවේදනය, තාක්‍ෂණය, සෞඛ්‍ය සහ තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාව ආදී අංශ මෙන්ම එම අංශයන්හි පවතින අවස්ථාවන් ද වැඩි දියුණු කරයි. එසේම, ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලනුවස් ඔවුන්ගේ දෛනික දත්ත පරිභෝජන අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට දත්ත භාවිතය ඉහළ නැංවීම සඳහා දැනටමත් කටයුතු කර අවසන්ය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00