2018 මැයි 12 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා ගැන රී-මැක්ස් සමාගමේ ප්‍රකාශය

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

ඉතා උසස් වර්ධන ගමන් මාර්ගයක්, දූරදර්ශී ප‍්‍රතිපත්ති සහ විවිධ ප‍්‍රාග්ධන ආයෝජන  හේතු කොට ගෙන දකුණු ආසියාව අත්කර ගෙන ඇති සීඝ‍්‍ර යටිතල පහසුකම් සංවර්ධනයේ ඇතැම් ඉහළම සාර්ථකත්වයන් පෙන්නුම් කරන ශ‍්‍රී ලංකාව තුළ තම ව්‍යාපාරික කටයුතු වැඩි කරමින් වේගයෙන් උදාවෙමින් පවතින ව්‍යාපාරික අවස්ථා උපරිම තත්ත්වයට පත්කිරීමට ලෝකයේ නිශ්චල දේපල සංවර්ධන ක්ෂේත‍්‍රයේ  වරලත් නායකයකු වන  රී-මැක්ස් සමාගම ඉදිරිපත් වෙයි. රී-මැක්ස් ශ‍්‍රී ලංකා සමාගමේ වාර්ෂික සම්මේලනයේ  ප‍්‍රධාන ආරාධිතයා වූ ඇමරිකාවේ රී-මැක්ස් ලෝක මූලස්ථානයේ ජගත් සංවර්ධන කටයුතු පිළිබඳ උප සභාපති ෂව්නා ගිල්බර්ට් මහත්මිය පැවසුවේ නව යුගයක ශිඛරයේ  පසුවන ශ‍්‍රී ලංකාව තුළ වේගයෙන් සංවර්ධනය වන නිශ්චල දේපල සංවර්ධන කර්මාන්තයට රී-මැක්ස් සමාගම නිසැකවම මහා අගයක් එක්කරන බවයි.

ශ‍්‍රී ලංකාව හා සමාන වෙනත් ආසියානු රටවල රී-මැක්ස් සමාගම විශාල වශයෙන් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති ආකාරය ගැන කරුණු දක්වමින් ඇය පවසුවේ වසර 45 ක් පුරා ලබා ඇති අත්දැකීම් සමුදාය සහ  නියෝජිතයන් 115000ක් මාර්ගයෙන් 7500 ක කාර්යාල ජාලයක් රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ගෙන මෙහෙයුම් මගින් මහත් නිපුනත්වයක් ලබා ඇති බවය. 

රී-මැක්ස් ශ‍්‍රී ලංකා සමාගම සමගින් ශ‍්‍රී ලංකාවේ දේපල සංවර්ධන අංශයේ විශාල පරිවර්තනයක් කරමු. අපි ආසියා පැසිෆික් රටවල  මහත් සාර්ථකත්වයක් ලබා සිටිමු. එයට හේතුව ඉතා සීඝ‍්‍රයෙන් දියුණුව ලබන කලාපයක් ලෙස මෙම කලාපය අප හඳුනාගනිමින් අපගේ අසමසම සේවාවන් පරාසය මෙම කලාපයට ව්‍යාප්ත කරමින් අපගේ ව්‍යාපාරික කටයුතු වර්ධනය කිරීමයි. එම සමාගම ශ‍්‍රී ලංකාවට පිවිසුණේ එම පසුබිම නිසාය. ශ‍්‍රී ලංකාව සකස් කරන සංවර්ධනයේ උපාය මාර්ගික මාවත සහ මෙම සමස්ත කලාපය අත්කරගන්නා ප‍්‍රගතියේදී ශ‍්‍රී ලංකාව අනාගතයේදී ඉටුකරන කාර්යභාර අප නිරීක්‍ෂණය කර ඇත* යැයිද ඇය පැවැසුවාය.

සම්මේලනයේ සුවිශේෂී ආරාධිතයන් වූ ආයතනික ප‍්‍රධානීහු මෙම සාක්ච්ඡාවට විවිධාකාරයෙන් දායක වූහ. කැපිටල් මහාරාජා  සමූහයේ අධ්‍යක්‍ෂ නිමල් කුක් මහතා වත්මන් නිශ්චල දේපල සංවර්ධන කර්මාන්තය ගැන තක්සේරුවක් කළේය.