2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් මොබිටෙල් සම්මාන ලබයි

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, 2018 මාර්තු 23 වැනිදා Hong Kong හිදී පැවති 40 වැනි Le Fonti ප‍්‍රධාන විධායක නිලධාරී සමුළුවේදී, ලොව ප‍්‍රමුඛතම ආයතනික විශිෂ්ටයන් අතරින් විශිෂ්ටතමයා ලෙස ඉහළින් ඇගයීමට ලක්විය. එහිදී මොබිටෙල්, ජංගම දුරකථන විදුලි සංදේශ ක්ෂේත‍්‍රය හා අදාළව 2018 වසරේ විශිෂ්ටතම නවොත්පාදන සහ නායකත්ව සමාගම ලෙස Le Fonti ආයතනික සම්මානයෙන් පිදුම් ලැබීය. Hong Kong නගර මධ්‍යයේ පිහිටි සුඛෝපභෝගී ස්ථානයක පිහිටි Sheraton Hotel & Towers හිදී පවත්වනු ලැබූ උත්කර්ෂවත් උළෙලේදී මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා විසින් මෙම සම්මානය හිමිකර ගනු ලැබූ අතර වැඩසටහන මෙහෙයවන ලද්දේ කැපී පෙනෙන සහ ප‍්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඇග්නස් සී (Agnes Zee) විසිනි. ඉතා සුපරික්‍ෂාකාරීව සිදු කරන ලද ඇගයීමකින් නතුරුව ජයග‍්‍රාහකයන් තෝරාගනු ලැබුවේ ලොව පුරා විසිරී සිටින මාධ්‍යවේදීන් 120 දෙනකුට වඩා වැඩි පිරිසකගෙන් සමන්විත Le Fonti කර්තෘ මණ්ඩල සාමාජික පිරිසක් විසිනි.                 

Le Fonti ආයතනික සම්මානය පිළිබඳව අදහස් දක්වමින් මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ, ගෝලීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සමගින් සම්මාන ලාභියකු ලෙස ඇගයීමට පාත‍්‍රවීමට හැකිවීම පිළිබඳව මොබිටෙල් අතිශය සතුටට පත්වනවා. එසේම, මම මේ අවස්ථාවේදී සම්මාන උළෙලේ විනිශ්වය මණ්ඩලය වෙත මාගේ අවංක ස්තුතිය පුදකර සිටීමට කැමතියි. මන්ද, ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍යාරක්‍ෂණ, මූල්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි ක්ෂේත‍්‍රවල වෙනස් වීමට මුහුණ දෙමින් සුවිශේෂී ක්ෂේත‍්‍ර වෙනුවෙන් අප විසින් සිදු කරන ලද කාර්යභාරයේ සහ ඒ වෙනුවෙන් වූ අපගේ කැපවීම සහ ඉලක්කය ඔවුන් මැනවින් තේරැම් ගත් නිසයි. අපගේ ජංගම දුරකථන විසඳුම් මගින්, බිම්මට්ටමේ සිට සෑම තරාතිරමක කෙනකුටම ඉතාම සුවිශේෂී අයුරින් තාක්‍ෂණය භාවිත කිරීමේ අවස්ථාව හිමිකර දෙන ආකාරයෙන් ක‍්‍රියාත්මක වනවා. ඒ අතරතුර කලාපය තුළ වඩාත් ක‍්‍රියාකාරී සහ බලසම්පන්න ජංගම දුරකථන විදුලි සංදේශ සේවා සැපයුමක් හිමි රටක් ලෙස ශ‍්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සහ බලගැන්වීමට ද අවස්ථාව හිමිකර දෙනවා. යනුවෙනි.

මෙම වර්ෂයේ ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ තේමාව වූයේ, හැකියාවන් සහ දර්ශනයන් වර්ධනය කිරීම වෙනුවෙන් වූ නායකත්වය සහ නවෝත්පාදනය යන්නයි. එසේම, පෙරදිග ආසියානු සමාගම් වෙත මෑත කාලීනව බලපෑම් සිදු කළ නායකත්ව හැකියාවන් සහ නවෝත්පාදන හැකියාවන් හා සබැඳි වැදගත් ධාවක බලවේග (drivers) පිළිබඳ සාකච්ඡා කිරීම සමුළුවේ ඉලක්කගත අරමුණ විය. 21 වැනි සියවස තුළ අධ්‍යාපනික සහ පුහුණු, තොරතුරු තාක්‍ෂණ, ඉඩම් හා දේපළ සංවර්ධන සහ මූල්‍ය සේවා වැනි විවිධාංගීකරණය වූ ක්ෂේත‍්‍රවල සේවයේ නිරතව සිටින සේවා නියුක්තිකයන් විසින් මුහුණ දෙනු ලබන අභියෝග ජයගැනීම වෙනුවෙන් එම සමාගම්වලට අවශ්‍ය වන හැකියාවන් වර්ධනය කිරීම පිළිබඳව ද අදහස් හුවමාරැ කරගන්නා ලදී.

සෑම වසරකදීම විවිධ ස්ථානයන්හිදී (2017 වසරේදී උත්සව 7ක්) Le Fonti සම්මාන උළෙල පවත්වනු ලබන අතර බැංකුකරණ, ව්‍යාපාරික, ආර්ථික විද්‍යා, මූල්‍ය, තිරසාර කළමනාකරණ, නීතිය, සෞඛ්‍ය සත්කාරක, රක්‍ෂණ සහ අන්තර්ජාල අලෙවිකරණ (e- commerce) ආදී ක්ෂේත‍්‍ර ගණනාවක නායකයන් ඇගයීමට ලක් කරනු ලබයි.