2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

LOLC ෆිනෑන්ස් දොරින් දොර ඉතුරුම් මුදල් එක්රැස් කිරීමේ සේවාවක්

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

නවෝත්පාදන සහ ප්‍රායෝගික මුල්‍ය විසඳුම් ඉදිරිපත් කිරීම අතින් නම් දැරූ, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර දැවැන්තයා වන LOLC ෆිනෑන්ස්  පී. එල්. සී, සිය ගනුදෙනුකරැවන්ට ඉහළ මට්ටමේ පහසුවක් සහ ආරක්ෂාවක් සලසන තවත් නවීනතම මූල්‍ය විසඳුමක් ඉදිරිපත් කරයි. ‘LOLC ෆිනෑන්ස් ආයතනය ඉතුරුම් ගිණුම් සඳහා මුදල් එක්රුස් කිරීමේ සේවාව මඟින් ගනුදෙනුකරුවන්ට ශාඛාව වෙත නොගොස් සිය ඉතුරුම් ගිණුම්වල මුදල් තැන්පත් කිරීමේ අසමසම පහසුවක් සැලසේ. LOLC ෆිනෑන්ස් නිලධාරියකු මෙහිදී ඔහුගේ/ ඇයගේ නිවෙස වෙතම පැමිණෙන අතර, භාරගන්නා මුදල් එවෙලේම POS යන්ත්‍රයක් මඟින් සිය ගනුදෙනුකරුවන්ගේ ඉතුරැම් ගිණුම වෙත බැර කෙරේ. මුදල් හුවමාරැව තහවුරු කෙරෙන කෙටි පණිවුඩයක් ක්ෂණිකවම ගනුදෙනුකරැ වෙත ලැබේ. ගනුදෙනුකරැට LOLC Real Time App එක මඟින් ඒ මොහොතේම මුදල් තැන්පතුව පරීක්ෂා කිරීමටද ඉඩ සැලසේ.  

ඉතිරි කිරීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත්, ගනුදෙනුකරුට පහසුව සලසන විකල්පයක් වන, ‘LOLC ෆිනෑන්ස් ඉතුරැම් මුදල් එක්රුස් කිරීමේ’ සේවාව මඟින් මුදල් රැගෙනයාමේ සහ ළඟ තබාගැනීමේ අවදානම අඩුකරන අතරම, ගනුදෙනුකරුට ශාඛාව වෙත ගමන් කිරීමේ කාලය ද ඉතිරි කරගත හැක. අයකිරීමකින් තොරව නොමිලයේ සැලසෙන මෙම සේවාව කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සුහදශීලී, වෘත්තිමය නිලධාරීන් පිරිසක් LOLC ෆිනෑන්ස් ආයතනය මඟින් යොදවා ඇත. 

‘LOLC ෆිනෑන්ස් ඉතුරැම් මුදල් එක්රැස් කිරීමේ’ සේවාව තනි පුද්ගල ඉතුරුම් ගිණුම් හිමියන්ට මෙන්ම ව්‍යාපාර හිමිකරුවන්ට ද ඉමහත් ප්‍රතිලාභයක් හිමිකර දෙන බව නව විසඳුම පිළිබඳ පැහැදිලි කරමින් LOLC ෆිනෑන්ස් අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී අශාන් නිස්සංක මහතා පැවසීය. එමඟින් ගනුදෙනුකරුවන්ට ශාඛාව වෙත  යාමට ගතවන කාලය ඉතිරිවේ. දිවයින පුරා පිහිටි 141 කට වඩා විහිදුනු ශාඛා ජාලය මඟින්, අප ගණුදෙනුකරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීම සඳහා නිර්මාණය කල ඉතුරුම් මුදල් එක්රැස් කිරීමේ සේවාව මඟින් ගණුදෙනුකරුවන්ට මහඟු සේවාවක් ලබාදෙනු ඇත. නවෝත්පාදන සහ ගණුදෙනුකරුවන්ට පහසුව සලසන නිෂ්පාදන සහ සේවාවන් ඉදිරිපත් කිරීම අතින් සැමවිට පෙරමුණ ගන්නා LOLC ෆිනෑන්ස්, නව සේවාව මඟින් ද අපගේ ගණුදෙනුකරැවන්ට උපරිම පහසුවක් සහ ආරක්ෂාවක් සලසන බව සහතිකය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00