2018 මාර්තු 24 වන සෙනසුරාදා

මොබිටෙල් අනුග‍්‍රාහකත්වය දුන් උතුරු සටන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගාවලියේ ජය යාපනය මධ්‍ය මහා විද්‍යා

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන මොබිටෙල් විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදුන්, යාපනය මධ්‍ය මහ විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘2018 උතුරු සටන 112 වැනි මහා ක‍්‍රිකට් ගැටුම’ පසුගියදා ඉතා සාර්ථකව නිමාවට පත්විය. 2018 මාර්තු 8, 9 සහ 10 යන දිනවලදී ඉහතින් සඳහන් කළ යාපනය පාසල් ද්විත්වය අතර මෙම මහා ක‍්‍රිකට් ගැටුම පැවති අතර ඉන් ජයග‍්‍රහණය ලබා ගැනීමට යාපනය මධ්‍ය මහ විද්‍යාලය සමත්කම් පෑවේය. යාපනය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රමුඛතම පාසල් ද්විත්වය අතර පැවති මෙම වාර්ෂික ක‍්‍රීඩා සංග‍්‍රාමය සඳහා පාසල් දිවිත්වයේම ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන්, ගුරුවරුන් මෙන්ම අදාළ ප‍්‍රදේශවල සිටින සාමාන්‍ය ක‍්‍රිකට් ක‍්‍රීඩාලෝලීහු ඉමහත් උද්යෝගයකින් යුතුව සහභාගි වූහ. මෙම තරගාවලිය, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා තරගාවලීන් අතර වඩාත් දිගු ඉතිහාසයකට හිමිකම් කියන තරගාවලියක් වන බැවින්, මොබිටල් විසින් මෙම ක‍්‍රියාදාමය වෙනුවෙන් සිය අනුග‍්‍රාහක දායකත්වය උපරිමයෙන් පිරිනමන ලදී.

එක් කඩුල්ලකින් ජය ගනිමින්, පළමු දිනය ආරම්භයේදී උරගා බැලූ කාසියේ වාසිය දිනාගත් යාපනය මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායම, තණතීරුවේ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් පළමුව පන්දු යැවීම ආරම්භ කරමින් සාන්ත ජෝන් කණ්ඩායමට පන්දුවට පහර දීම සඳහා ආරාධනා කරනු ලැබීය. පළමු ඉනිමේදී, සාන්ත ජෝන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 217ක් ලබා ගත්තේය. එහිදී තණතීරුව මනා ලෙස පාලනය කර ගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු සාන්ත ජෝන් විද්‍යාලයේ පිතිකරුවන් වූ ෂෙරෝපන් (65), ටී. දිනෝෂන් (28), එම්. සෞමියන් (22) සහ සුබීදාසන් (18) ආදී ලෙස ලකුණු අතරට පැමිණියහ. සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණු යාපනය මධ්‍ය මහ විද්‍යාලයේ පන්දු යවන්නන් වූ වියස්කාන්ත් (4/58) සහ තසෝපන් (3/38) යන ක‍්‍රීඩකයන්ට එරෙහිව ඔවුන්ට තරග වැදීමට සිදු විය.    

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ යාපනය මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 328ක ඉහළ ලකුණු ප‍්‍රමාණයක් රැස් කරමින් ශක්තිමත් ස්ථානයක් වෙත පැමිණියේය. එහිදී, ඒ. ජෙයතරසන් (77), එස්. නිෂාන් (30), කේ. ඉයලරසන් (22), එස්. මධුෂාන් (52), එස්. තසෝපන් (49) සහ ආර්. රාජ්ක්ලින්ටන් (නොදැවී 54) ලකුණු අතරට මැනවින් පැමිණියහ. ඒ අතර සාන්ත ජෝන් කණ්ඩායමේ පන්දු යවන්නන් වූ කේ. කපිල්රාජ් සහ අභිනාච් පිළිවෙළින් 5/94 සහ 2/72 ලෙස කඩුලු බිඳ දැමූහ.  

ඉන්පසු දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ සාන්ත ජෝන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 219ක් රැස් කළ අතර එය ඔවුන්ගේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව හා සමාන මට්ටමක තිබුණි. 

සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි යාපනය මධ්‍ය මහ විද්‍යාලීය කණ්ඩායම කඩුලූ 9ට ලකුණු 110ක් රැස්කර ගනිමින් ඉතාමත් අසීරු සටනකින් අනතුරුව ජය ලැබීය. 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00