2018 මාර්තු 17 වන සෙනසුරාදා

අඛණ්ඩව 12 වැනි වරටත් මහජන බැංකුව ජනතා ප‍්‍රසාදයෙන් පිදුම් ලබයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙල 2018 දී වසරේ වඩාත්ම ජනතාවට සමීපතම සේවා නාමය සහ ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා යන සම්මානයන් දිනා ගැනීමට මහජන බැංකුව සමත්විය. ලොව ප‍්‍රමුඛතම ජනමත විමසුම් ආයතනයක් වන නිල්සන් ආයතනය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) එක්ව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුව මෙම සම්මානයන්ට පාත‍්‍ර වූයේ අඛණ්ඩව දොළොස්වැනි වරට වීම විශේෂත්වයකි.

මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර බැංකු) රසිත ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) කේ.බී. රාජපක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ලයනල් ගලගෙදර, මූල්‍ය ප‍්‍රධානී අසාම්.ඒ. අහමඩ්, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) ඒ.යූ.එල්.ඒ. අන්සාර්, ගාල්ල ප‍්‍රාදේශීය කළමනාකාර ටී.එම්.ඩබ්ලිව් චන්ද්‍රකුමාර, ත්‍රිකුණාමලය ප‍්‍රාදේශීය කළමනාකාර ආර්. රවිකරන් සහ මාතලේ ප‍්‍රාදේශිය කළමනාකාර නලින් පතිරණගේ යන මහත්වරුද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

පුරා පනස් හය වසරක් මුළුල්ලේ, ශ්‍රී ලාංකික ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් සමීප කළ මහජන බැංකුව මේ වනවිට රුපියල් ට්‍රිලියනයකට අධික වත්කම් ප‍්‍රමාණයකින් යුතු විශාලතම මූල්‍ය ආයතනයකි.  දිවයින පුරා පිහිටුවා ඇති මහජන බැංකු ශාඛා 735කට අධික වන අතර, දිවා රාත‍්‍රී ක‍්‍රියාත්මක Lanka Pay සේවාව සමඟ ජාලගත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සංඛ්‍යාව 4,000 කට අධිකය. සමස්ත ගනුදෙනුකාර ප‍්‍රජාව මිලියන 10 කට අධික වන අතර, මෙම ගනුදෙනුකාර ප‍්‍රජාව වෙත අඛණ්ඩ සේවා සැලසීමට දස දහසකට ආසන්න මහජන බැංකු කාර්ය මණ්ඩලය නිරතුරුවම ඇප කැපවී සිටී.

විවිධ වයස් කාණ්ඩවලට අයත් හා විවිධ ක්ෂේත‍්‍රයන්හි නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැලපෙන පරිදි විවිධාංගිකරණය වූ ගිණුම් හඳුන්වාදීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක‍්‍රම දියත් කරමින් තම ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබාදීමටද මහජන බැංකුව ක‍්‍රියාකරයි. පුද්ගල ණය, නිවාස ණය, වෘත්තීය ණය,  අධ්‍යාපනික ණය, රථවාහන ණය පහසුකම් මේ අතරින් විශේෂය. එමෙන්ම ගොවි ජනතාව හා ධීවර ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් නඟා සිටුවීම සඳහාද විවිධ ණය යෝජනා ක‍්‍රම රුසක්  හඳුන්වා දී ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරැ www.peoplesbank.lk යන වෙබ් අඩවියෙන් හෝ peoplesbanksrilanka යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද ලබාගත හැක.

එමෙන්ම ආයතනික ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය බැංකු සේවාවන් ආයතනික බැංකු අංශය විසින් ලබාදෙන අතර, ලොව පුරා රටවල් 103 ක සිටින නියෝජිතයන් 900 ක් සමඟ සම්බන්ධතා පවත්වමින් අන්තර් ජාතික වෙළෙඳාම්වල යෙදෙන ආයතනික ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය පහසුකම් සහ උපදේශන සේවා ලබාදෙයි.

ගනුදෙනුකාර භවතුනට වඩාත් කාර්යක්ෂම බැංකු සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මොබයිල් බෑන්කින්, පීපල්ස් නෙට් හා පීපල්ස් පාම්ටෝප් (Palmtop) වැනි නවීන බැංකුකරණ අත්දැකීම්ද මහජන බැංකුව පිරිනමා ඇත.