2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා නොවැම්බර් හා දෙසැම්බර් ජයග‍්‍රාහකයන් බිහිකරයි

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

ශ‍්‍රී ලාංකික ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්හි කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහන අඛණ්ඩව මෙන්ම ඉතාම සුවිශේෂී ලෙස 2017 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මස අති සාර්ථකව පසු කරනු ලැබුවේ, සුපිරි මට්ටමේ ත්‍යාග රැසක් තිළිණ කර දීමේ ප‍්‍රතිඵලයක් ලෙස දැවැන්ත පාරිභෝගික පිරිසකගේ ආකර්ෂණය මෙම වැඩසටහනට උපරිමව හිමිව ඇති බවට සාක්‍ෂි දරමිනි. 2017 නොවැම්බර් හා දෙසැම්බර් මස මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහනේ වාසනාවන්ත ජයග‍්‍රාහකයන් වූයේ මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පී. ආර්. ප‍්‍රනාන්දු මහතා හා මාතලේ ප‍්‍රදේශයේ පදිංචි ඩබ්. කළණි වෙලගෙදර මෙනවියයි. 2017 වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මස ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනවාරි 27 වැනිදා කුරණ, මේජර් රාජ්. ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගණයේදී පැවති අතර ඒ හා සමගාමීව පවත්වනු ලබන දැවැන්ත සැණකෙළිය (Carnival) සහ ජනප‍්‍රිය ගී තරු රැසක් සහභාගී වූ සංගීත ප‍්‍රසංගය උත්සවාකාරයෙන් පවත්වන ලද්දේ පැමිණ සිටි සියලුම දෙනා වෙත සතුටින් පිරි අමරණීය මතකයන් එක්කර දෙමිනි.  

මෙම වැඩසටහන මඟින් ජනතා උද්යෝගය ඉහළින් ජනිත කරන ලද අතර එය ක‍්‍රමයෙන් වැඩි වෙමින් ඉදිරියට ඇදී යන්නේ මොබිටෙල් වෙතින් 2018 ‘කැෂ් බොනෑන්සා’ ප‍්‍රවර්ධන වැඩසටහන ත්‍යාග වශයෙන් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ පිරිනමන අතර ජයග‍්‍රාහකයන්ට රු. මිලියන 190කට වඩා වටිනා ත්‍යාග හිමි කර ගත හැකිය. වසර පුරා දෛනික ජයග‍්‍රාහකයන් 220,000 දෙනෙකුට රු. 500ක් දක්වා වූ මුදල් ත්‍යාග දිනා ගත හැකිය. 

මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන සමඟ සම්බන්ධ වීම සඳහා  ඕනෑම මොබිටෙල් පෙර ගෙවුම්, පසු ගෙවුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයකුට අවස්ථාව හිමි වේ. සෑම රු. 50ක රීචාජ් කිරීමක්, රීලෝඩ් එකක් හෝ පසු ගෙවුම් බිල් ගෙවීමක් ඒ සඳහා වලංගු වේ. පෙර ගෙවුම් සබඳතා හිමි පාරිභෝගිකයන්ට හිමි දිනපතා මුදල් ත්‍යාග ලෙස එම මුදල හා සමාන කතා කාලයක් හිමිවන අතර ජයග‍්‍රාහී පසු ගෙවුම් පාරිභෝගිකයන් හට ඔවුන්ගේ බිල්පත සඳහා වට්ටම් හිමිකර දෙයි. කෑෂ් බොනැන්සා ජයග‍්‍රාහකයන් දැනුම් දෙනු ලබන්නේ මොබිටෙල් පාරිභෝගික සේවා ක්‍ෂණික ඇමතුම 071 27 55 777 මඟින් සහ ලිඛිතව තැපැල් මාර්ගයෙනි. පාරිභෝගිකයින් විසින් දිනා ගනු ලැබූ කිසිදු ත්‍යාගයක් වෙනුවෙන් අමතර ගාස්තුවක් අය නොකෙරේ.