2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

පාසල් යන පොඩිත්තන්ට ලංකා බැංකුවෙන් රු. 250/-ක් සමඟ රන් කැකුළු ගිණුමක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

පළමු ශ්‍රේණියට සහ පෙර පාසලට පළමු වතාවට දරැවන් ඇතුළත් වනවිට ඔවුන් සඳහා වූ ලංකා බැංකු රන් කැකුළු ත්‍යාග වැඩසටහන සමඟ එම දරුවන්ගේ උනන්දුව ඉහළ නංවමින් ලංකා බැංකුව නව ඇරඹුමක සොම්නස බෙදාගනියි. මෙම අවස්ථාව සඳහා ළමුන් වැඩි පිරිසකට අවකාශ ලබාදෙනු පිණිස මෙම ප‍්‍රදානය 2018 මාර්තු අවසානය වන තෙක් විවෘතව පවතී. ඔබගේ දරුවා මෙවර පළමු ශ්‍රේණියට හෝ පෙර පාසලට ඇතුළත් වන්නේ නම් ඔබට ආසන්නයේම පිහිටි ලංකා බැංකු ශාඛාව වෙත ගොස් මූලික තැන්පතුව ලෙස බැංකුවෙන් ලැබෙන රු.250/- ක තැන්පතුවක් සමගම නව ගිණුමක් ඇරඹිය හැකි අතර ඒ සඳහා චිත‍්‍ර ඇඳීමේ පොත් දෙකක් සහ වර්ණ පැස්ටල් පෙට්ටියකින් සමන්විත තෑගි පාර්සලයක් ලැබෙනු ඇත. මෙම වසරේදී පළමු වන ශ්‍රේණියට හෝ පෙර පාසලට ඇතුළත් වී ඇති දැනට රන් කැකුළු ගිණුම් හිමි දරු දැරියන් සඳහාද ඔවුන්ගේ දැනට පවත්නා ශේෂයට බැංකුව මෙම තෑගි ලබා දෙනු ඇත.

මෙම ප‍්‍රදානය රන් කැකුළු ගිණුම හා සම්බන්ධ පුළුල් පරාසයක ප‍්‍රතිලාභ අතරින් තවත් එකකි. රන් කැකුළු ගිණුම් සෑමවිටම සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා 1අමතර පොලියක් ලබාදෙයි. මෙම ගිණුමද මව, පියා හෝ භාරකරු සඳහා උපරිමය රු. 500,000/- ක් දක්වා වූ නොමිලේ ජීවිත රක්ෂණයක් හා සම්බන්ධයි. (සිද්ධියට පෙර මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් රු. 5,000/- ක අවම ශේෂය පවත්වාගෙන තිබිය යුතුයි. එක් දරුවකුට වැඩි දරුවන් සංඛ්‍යාවකට රන් කැකුළු ගිණුම් අරඹන ඕනෑම මවකට පියකුට හෝ භාරකරුවකුට උපරිමය රු. මිලියනය දක්වා වූ ආවරණයක් ලැබේ. එක් රැයකට වඩා වැඩිකාලයක් පුද්ගලික රෝහලක රෝහල්ගත වී සිටීමට අවශ්‍ය වන හදිසි අනතුරක් හෝ නිශ්චිතව දක්වා ඇති බරපතළ රෝගාබාධයකින් පෙළෙන අවස්ථාවකදී දරුවාටද රු.100,000/- දක්වා වූ වෛද්‍ය රක්ෂණයක් නොමිලේ ලැබේ. (සිද්ධියට/අසනීපයට පෙර මාස හයක කාලයක් තුළ රු. 5,000/- ක අවම ශේෂයක් පවත්වාගෙන යා යුතුය) රාත්‍රි කාල තුනකට වඩා රෝහල්ගතව සිටීම අවශ්‍යව රජයේ රෝහලකට ඇතුළත් කිරීමකදී දින 30ක උපරිම කාලයක් සඳහා දිනකට රු.600/- බැගින් රක්ෂණාවරණයක් ලැබේ. (කොන්දේසි අදාළයි)

රටේ ආර්ථිකය නගාසිටුවන අතරම සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්හට ඔවුන්ගේ ජීවිත ගොඩනගාගන්නට සේවය සලසමින් තමන්ව මූල්‍යමය වශයෙන් ස්ථාවර කර ගනිමින් වසර 78 කට වැඩි අත්දැකීම් සමග ශ්‍රී ලාංකේය බැංකුකරණ කර්මාන්තයේ පෙරමුණ ගනිමින් ලංකා බැංකුව දිවයිනේ වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය බැංකුව බවට පත් වී ඇත. දිවයින පුරා ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන 1500 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහිතව ක්‍රියාත්මක වන ලංකා බැංකුව දිවයින පුරා ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වා ඔවුන්ට ඩිජිටල්මය කටයුතු වල නියැලීමට හැකියාව ලබා දී ඇත.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00