2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ශනිදා වාසනාව 3000 වැනි විශේෂ දිනුම් ඇදීම

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 288

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි දිනුම් ඇදීම ලෙස රටටම හඳුන්වා දුන් ශනිදා වාසනාව ලොතරුයි පතෙහි 3000 වන අභිමානවත් දිනුම් ඇදීම පෙබරවාරි 26 සඳුදා පැවැත්වීමට නියමිතය. ශ‍්‍රී ලාංකික සුවහසක් ලොතරුයි පාරිභෝගිකයන් ලක්ෂපතියන්, දස ලක්ෂපතියන්, හා කෝටිපතියන් බවට පත්කරමින් පුරා දශක 03කට අධික කාලයක් තිස්සේ ජනතා ප‍්‍රසාදය දිනා ගැනීමට ශනිදා වාසනාව සමත් වීය. 

එම ජනතා ප‍්‍රසාදය තවදුරටත් ශක්තිමත් කරමින් ශනිදා වාසනාව ලොතරැයි පතේ 3000 වැනි දිනුම් ඇදීමේදී සුපුරැදු කෝටි ගණන් මුදල් තෑගිවලට අමතරව තවත් විශේෂ දිනුම් ඇදීමක් පරිගණකය මගින් පවත්වා ප‍්‍රථම ත්‍යාගය ලෙස හොන්ඩා වෙසල් රථයක්, දෙවන ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 5 බැගින් තෑගි 5ක් පස් දෙනෙකුට තෙවන ත්‍යාගය ලෙස වටිනා යතුරු පැදි 3ක් පාරිභෝගිකයන් තිදෙනෙකුට සහ හතරවන ත්‍යාගය ලෙස ස්කූටි යතුරැ පැදි 3ක් පාරිභෝගිකයන් තිදෙනෙකුට ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව මෙතැන් සිට ශනිදා වාසනාව ටිකට් පත් නව මුහුණුවරකින් වෙළඳපොළට පැමිණෙන අතර එහි 3000 වැනි විශේෂ ටිකට් පතේ අංක 7කින් යුත් විශේෂ අංකයක් මුද්‍රණය කර තිබේ. එම අංකය පරිගණක දිනුම් ඇදීම මගින් ලබාදෙන අංකය හා ගැලපීමෙන් ඉහත දැක්වූ ත්‍යාග දිනාගැනීමට හැකි වේ. 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00