2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ඊ-චැනලින් ඔස්සේ ඖෂධ නිවසටම ගෙන්වා ගන්න

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

වෛද්‍යවරුන් චැනල් කිරීම සඳහා ලංකාවේ පවතින විශාලතම සහ පුරෝගාමීම සේවය වන ඊ-චැනලින් සේවය MyMed සමඟ එක්ව රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ නිවසටම ගෙන දීමේ සේවයක් ඇරඹීමට කටයුතු කර තිබේ. දැනට කොළඹ සහ ආසන්න නගර පනහක පමණ ක්‍රියාත්මක මෙම සේවය මගින්, වෛද්‍ය නිර්දේශ මත ලබාගත යුතු ඖෂධ, වෛද්‍ය නිර්දේශය අනවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සැලසෙයි. 

මෙම සේවයෙහි ක්‍රියාවලිය ඉතා පහසු එකකි. ගනුදෙනුකරු විසින් කළ යුත්තේ වෛද්‍යවරයා විසින් ලබාදෙන තුණ්ඩුවෙහි ඡායාරූපයක් එක්කර අන්තර්ජාලය ඔස්සේ ඇණවුම තහවුරු කිරීමයි. විශ්වසනීයත්වය ඉහළ නැංවීම පිණිස මෙම ඇණවුම් පරික්ෂා කෙරෙන්නේ ලියාපදිංචි ඖෂධහල් මගින් පමණි. මේ සඳහා ගෙවීම අන්තර්ජාලය ඔස්සේ හෝ අදාළ ඇණවුම බාර දෙන අවස්ථාවේදී හෝ කළ හැක. මෙම සේවයේ මූලිකම අරමුණ වන්නේ රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුලේ අයගේ පහසුව සැලසීමයි. ඔබට අදාළ ඇණවුම් සිදු කිරීම https://www.echannelling.com/Echannelling/drug-delivery යන වෙබ් ලිපිනය ඔස්සේ කළ හැක.

රෝගයක් සුවවීම සඳහා වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය ඖෂධ නොවැරදීම ලබා ගැනීම අත්‍යවශ්‍යය. අමතක වීම, අවශ්‍ය ඖෂධ සොයා ගැනීමේ අපහසුව, රථවාහන තදබදය, ඖෂධහලට යාමට කාලය නොමැති වීම යනාදී හේතූන් නිසා ඔබ වෙලාවට ඖෂධ ගැනීම අතපසු කළ යුතු නැත. අන්තර්ජාලය ඔස්සේ ඖෂධ ඇණවුම් කිරීමේ පහසුව මගින් ඒ සියලු ගැටලු සඳහා විසඳුම් ලැබේ.